(දයාරත්න ඇඹෝගම)
මරදන්කඩවල පෙරමියන්කුලම ශ්‍රී සදානන්ද විද්‍යාරතන පිරිවෙනේ වැඩ විසු භික්ෂුන් වහන්සේලා 29 දෙනෙකු හා ගිහියන් 11 දෙනෙකු ආහාර විෂ විමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කළ බව අනුරාධපුර පොලිසිය කියයි.
ඊයේ (15) දින දහවල් දානයක් වැළදිමෙන් පසුව එදින රාත්‍රියේ පිරිවෙනේ වැඩ විසු භික්ෂුන් වහන්සේලා පිරිස මෙසේ ගිලන්ව සිටිති.
පිරිවෙනේ සේවය සදහා සිටි ගිහියන් 11 දෙනෙකුද එම ආහාර අනුභව කිරිමෙන් ඔවුන්ද රෝගාතුරවු බව පොලිසිය කියයි.
වමනය දැමිම සහ පාචනය නිසා භික්ෂුන් වහන්සේලා ඇතුලු ගිහි පිරිස අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සදහා ඇතුළත් කර තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd