IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ආසන මට්ටමින් ‘ගම්පෙරළියට’ තරුණ තරුණියක් 100 ක්

අංජුල මහීක වීරරත්න

යහපාලනය සඳහා වු එක්සත් ජාතික පෙරමුණු රජයේ ප්‍රධානතම ව්‍යාපෘතියක් වන ගම්පෙරළිය වැඩපිළිවෙළ ආසන මට්ටමින් ක්‍රියාත්මක කිරිම සභා අධීක්ෂණ මන්ත්‍රීවරුන්ගේ මැදිහත්වීම යටතේ තරුණ තරුණියන් 100 ක් පමණ යෙදවීමට රජය තීරණය කර තිබේ.

රජය මේ තීරණයට එළැඹ ඇත්තේ අගමැති ලේකම්,මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්,ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ ලේකම් යන අයගෙන් සමන්විත කමිටුව ඉදිරිපත් කළ වාර්තාව අනුවය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ හමුවී කළ සාකච්ඡාවෙන් පසු ජුලි 23 වැනි දා ඉහත කමිටුව පත් කිරිමට පියවර ගැණුනි.

අග්‍රාමාත්‍ය ලේකම් හා අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනාගේ වාර්තාව මේ මස 7 වැනි දා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කෙරුණූ අතර එය වැඩිදුර අධීක්ෂණය සඳහා යොමු කරන ලදී.

වසර දෙකක කාලයක් ඇතුළත ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති ගම්පෙරළිය වැඩසටහන අධීක්ෂණය කිරිම සඳහා දැනට සිටින ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන් යෙදවුවහොත් නිලධාරීන් සංඛ්‍යාව දෙගුණයක් කළ යුතු බවට රජයට වාර්තා කර තිබුණි.



අදහස් (1)

ආසන මට්ටමින් ‘ගම්පෙරළියට’ තරුණ තරුණියක් 100 ක්

Chandima Friday, 10 August 2018 05:43 AM

තමන්ගේ රටේ මහා බැංකුව වංචනික සොරෙකුට මංකොල්ල කන්න දීල මදිවට රටෙන් පැනල යන්නත් ඉඩ ඇරලා රට බංකොලොත් වෙලා ඉන්න කොට කරන මහා ලොකු ගම්පෙරලිය නිකම් විහිළුවක් විකාරයක් විගඩමක් විතරයි.

:       1       38

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 75 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 936 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site