කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි 516දෙනෙකු සුවය ලබා අද(14) පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය කියයි. 

ඒ අනුව, සුවය ලැබූ සමස්ත ආසාදිතයන් ගණන 24,309 දක්වා ඉහළ ගොස් තිබේ.

අද දිනයේදී වැඩිම පිරිසක් පිටව ගොස් ඇත්තේ, හික්කඩුව ප්‍රතිකාර මධ්‍යස්ථානයෙනි. එම අගය 58කි.

දෙසැම්බර් මාසය තුළදී වැඩිම ආසාදිතයන් ගණනක් සුවය ලබා පිටව ගොස් ඇත්තේ, දෙසැම්බර් 3වැනිදා වන අතර, එම ගණන 728කි.

අද උදෑසන 10.00 වනවිට රෝහල්ගත කර ඇති කොරෝනා බවට සැකසහිත රෝගීන් ගණන 510කි. මේ වනවිට ආසාදිතයෝ 8,329ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙති

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදනය වූ සමස්ත ගණන 32,790කි. මිය ගිය සංඛ්‍යාව 152කි.