සිතුම් චතුරංග
යාපනය මාණිප්පායි ප‍්‍රදේශයේ නිවාසවලට පැන දේපලවලට අලාභ හානි සිදුකළ ආවා කොල්ල කල්ලියේ සාමාජිකයින් හත්දෙනකු යාපනය ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව මාණිප්පායි පොලිසිය කියයි.
මාණිප්පායි පොලිස් බලප‍්‍රදේශයේ යතුරුපැදි පැහැර ගැනීම් , රථ වාහනවලට අලාභ හානි කිරීම් හා නිවාස වලට පැන පහරදීම් ඇතුළු දේපල හානි සිදුකළ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා සිදුකළ විශේෂ විමර්ශනයකදී සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිසිය පැවසීය.
සැකකරුවන් විසින් මුහුණු ආවාරණය කර ගෙන යතුරු පැදිවලින් රාත‍්‍රී කාලයේ පැමිණ මෙම පහරදීම් සිදුකරන බවද පැවැසීය.
පොලිසිය පැවසූයේ අත්අඩංගුවට ගත් ආවා සාමාජිකයින් පහරදීම් සඳහා යොදාගත් යතුරුපැදි තුනක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ආවා සාමාජිකයින් මීට ඉහතදී කොල්ලකෑම් හෝ පහරදීම් සිදුකළ පුද්ගලයින් ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදුකරන බවද සඳහන් කළේය.
අත්අඩංගුවටගත් සැකකරුවන් යාපනය මාණිප්පායි, ආනාකොඩ්ඩෙයි, උඩුවිල්, චුන්නාගම් යන ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19ත් 22 අතර තරුණයෝ පිරිසකි.
සැකකරුවන් යාපනය මල්ලාකම් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 13 වැනිදා දක්වා රිමාන්ඩ් ගතකර තිබේ.
2025 දෙසැම්බර් මස 18
227
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
173
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
978
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආවා කල්ලියේ 7 ක් අත්අඩංගුවට