(ඉන්දිකා රාමනායක)
අපරාධයක් සඳහා කඩුවක් රැගෙන යතුරු පැදියකින් යමින් සිටි ආවා කල්ලි සමාජිකයින් දෙදෙනකු අද (27) අලුයම චාවකච්චේරි ප‍්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මොවුන් ගමන්ගත් යතුරුපැදිය පොලිසිය සැකපිට නවතා පරීක්ෂා කිරීමේ එක් පුද්ගලයකු සඟවාගෙන සිටි කඩුව හමුවී ඇත.
සැකකරුවෝ චාවකච්චේරි පදිංචි අවුරුදු 21,22 යන වයස්වල පසු වෙති. ඔවුන් අද චාවකච්චේරි මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd