(රංජන් කස්තුරි)
ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 25කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 10කින් අඩුකිරීමට ජීවන වියදම් කමිටුව නිර්දේශ කර තිබේ.
ඒ අනුව දැනට රුපියල් 865ක් ව පවතින ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 835 දක්වා ද දැනට රුපියල් 345ක්ව පවතින ග්‍රෑම් 400 කිරිපිටි පැකැට්ටුවක මිල රුපියල් 325 දක්වා ද අඩු කිරීමට නියමිතය.
කිරිපිටි මිල අඩුකිරීමේ ජීවන වියදම් කමිටුවේ නිර්දේශය පාරිභෝගික අධිකාරියේ අනුමැතිය සඳහා යවා තිබෙන අතර කිරිපිටි මිල අඩුවීම ඉදිරි දින කිහිපයකදී පමණ සිදුවනු ඇතැයි ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩලස් මහත්තයාට අජීර්ණ වෙයිද දන්නේ නැහැ...
ආව් ආව් ඡන්දෙ එනවා
ලක්ෂ 62 ඔන්න ඔයාල වෙනුවෙන් දවස් කීපයකට රු.25 අඩු කරලා තියෙනව. ඒක නිසා දැන්ම කිරිපිටි පැකට් දෙතුන්සීයක් අරගෙන තියා ගන්න. මොකද තව දවස් කීපයකින් ඕක 100 විතර වැඩි කරන නිසා. ඊට පස්සෙ පුන්නක්කු දෙනවලු නොමිලේ ඔබලා වෙනුවෙන්.