(ශානුක අරවින්ද)


නුවරඑළිය මාර්ග මෝටර් රථ තරගයේදී අනතුරකට ලක්ව මහනුවර මහ රෝහලේ (ශල්‍ය) දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ යතුරුපැදි ශූර ආනන්ද වෙඩිසිංහ අද (29 වැනිදා) සිය දිවියෙන් සමුගත්තේය. ඔහු සිවුදරු පියෙකි.


අනතුරට මුහුණදුන් දිනයේ (අප්‍රේල් මස 23 වැනිදා) සිට සති 5 ක කාලයක් කෘතිම ස්වසන උපකරණයක් ආධාරයෙන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි වෙඩිසිංහ ජීවිතක්ෂයට පත්වන තෙක්ම සිහිසුන් තත්වයෙන් පසුවූ බව රෝහල් ආරංචිමාර්ග පවසයි.


මාසයකට වැඩි කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ වෙඩිසිංහ වැඩි දුර ප්‍රතිකාර සඳහා ජපානයට රැගෙන යෑමට ඔහුගේ බිරිද සහ දරුවන් උත්සාහ කළද ඒ සඳහා අවශ්‍ය වූ මුදල (රුපියල් මිලියන 39 ක් පමණ) කඩිනමින් සොයාගත නොහැකි වීම නිසා ඔවුන්ගේ උත්සාහය අසාර්ථක විය.

 

මේ පිළිබඳව වැඩිදුරටත් දැනගැනීමට 

kelimandala.lankadeepa.lk වෙත පිවිසෙන්න.