වයි.ඒ.එස්.වීරවංශ
බළන්ගොඩ නියදගල ආදර කන්දට ගිනි තැබු බවට සැකකරන පුද්ගලයින් තිදෙනෙකු බළන්ගොඩ අඩවි වන කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන අද (30) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප දීමට බළන්ගොඩ මහේස්ත‍්‍රාත් දුමින්ද පී. මුදුන්කොටුව මහතා නියෝග කළේය.
එක් අයෙකුට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප තැබීමට නියෝග කරමින් ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සැකකරුවන් මාතලේ හා නිට්ටඹුව ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වෙති. පුද්ගලයින් හයදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දින දෙකකට ඉහතදී ආදර කන්දට පැමිණ එහි එක් රාත‍්‍රියක් ගත කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි අඩවි වන නිලධාරින් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙමත් විහිළු... දේශපාලකයාගේ සිට සාමාන්‍ය මිනිහා දක්වා නින්දිත වැඩ කරන සහ ඒ කරන සෑම නින්දිත වැඩකටම නිදහස ලැබෙන අරුම පුදුම රටකි මේ රට.