හිරාන් ප්‍රියංකර ජයසිංහ
ආණමඩුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ පාසලක සිසුන්ගේ පහර කෑමට ලක්වු ගුරුවරයකු අද (19) ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි.
අදාළ ප්‍රසිද්ධ පාසලේ 13 වැනි ශ්‍රේණියේ තාක්ෂණික විෂය ඉගැන්විම්වල නිරතව සිටි ගුරුවරයා එම විෂය සම්බන්ධව සිසුවකු කළ ක්‍රියාවකට දඬුවම් කර ඇති බවත් එයට කිපුණු එම පන්තියේ සිසුන් පිරිසක් ඉගෙන්විම්වල නිරතව සිටි ගුරුවරයාට නින්දිත ආකාරයෙන් බිම දමාගෙන පහර දී තිබේ.
කෙසේ නමුත් සිද්ධියෙන් පසුව සිසුන්ගේ පහර කෑමට ලක්වු ගුරුවරයා සහ ගුරුවරයාගේ පහර කෑමට ලක්වු සිසුවා ද ප්‍රතිකාර සඳහා ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර තිබිණි.
ආණමඩුව දිසා රෝහලේ ප්‍රකාශකයකු පවසා සිටියේ සිසුන්ගේ පහර කෑමට ලක්වු ගුරුවරයාගේ සිරුර පුරා තැලිම් තුවාල ඇති බවයි.
මෙම ප්‍රසිද්ධ පාසලේ සිසුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී ද නගරයේ දී ගැටුම් ඇති කර ගෙන ඇති බවද කියයි.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආණමඩුව ප්‍රසිද්ධ පාසලක සිසුන් ගුරුවරයකුට ගහලා
Raveendra Tuesday, 19 June 2018 11:59 AM
පුත්තලම, ආණමඩුවද ? ඔන්න ඕක අමතක කරලා දාන්න .
tommy Tuesday, 19 June 2018 12:49 PM
ගුරුවරුන්ට පහර දෙන පාසලක් ප්‍රසිද්ධ පාසලක් වන්නේ කෙසේද? මෙවැනි සිසුන් තමා අවසානයේ පාරවල් ගානේ ගංජා උරමින් රස්තියාදු වෙමින් රටට බරක් වන්නේ.
රවින් Tuesday, 19 June 2018 01:44 PM
මේ පළාතේ නේද අර ගුරුවරිය දණ ගස්සපු දේශපාලකයාට ආපහු ඡන්දය ඉල්ලන්න අවස්ථාවක් දුන්නේ. දේශපාලුවෝ අපුරු ආදර්ශ තමා ළමයින්ට දෙන්නේ. කකුළුවා ඇදේට ගිහිල්ල පැටවුන්ට කියන්නේ කොහොමද කෙලින් යන්න කියලා? ළමයි ආදර්ශයට ගන්නේ වැඩිහිටියෝ කියල නොදන්නා අය.
Hafeel Wednesday, 20 June 2018 04:05 AM
අනාගත මේ පළාතේ මහජන නියෝජිතයෝ.