සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු
පාර්ලිමේන්තුවේ තෝරා ගත් මන්ත්‍රීවරු පිරිසකට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන බව මාතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (25) පැවසීය.
මේ මුදල ගෙවන්නේ ආණ්ඩුව වෙනුවෙන් කෑ ගසන අයට යැයිද ඔහු කීය.
අබේවර්ධන මහතා මේ බව පැවසුවේ විසර්ජන පනත යටතේ යෝජනා පිළිබඳ විවාදයේදීය.
මහින්ද යාපා අබේවර්ධන මහතා මෙසේද කීය.
‘‘මේ ලක්ෂ දෙක ගෙවන්නේ තෝරාගත්තු මන්ත්‍රීවරුන් පිරිසකටයි. ඉතිං ඒ අය ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන එක සාධාරණයි.කිසිම මාධ්‍යයක් මේ ගැන කතා කළේ නැහැ.‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ඉස්සර වගේ දැන් එම ලක්ෂ දෙකේ දීමනාව ලැබෙන්නේ නැද්ද?
අපි දන්නේ නැද්ද? මහින්ද මහත්තයා වෙනුවෙන් කෑගහන අයට ලක්ෂ දෙකක් නෙවේ කෝටි ගණනක් වටිනා අනාගත බලාපොරොත්තු ලැබෙනවානේ.
ඔබ වැනි අයටත් එසේම ගෙවන බවත් කියන්න. ඒකාබද්දයේ ඉන්න අයට ගං වතුර, පැවිල්ල, අසනීප වැනි දේවල් නැත්නම් කියන්න දෙයකුත් නැති තරම්. අතුරු දහන් වීම්, වතුර ඉල්ලුවිට මරණය, භූමිතෙල් ඉල්ලුවිට මරණය, තමන්ගේ අර්ථසාදකය ඉල්ලුවිට මරණය දැන් අපේ අයට මතකවත් නැති වෙලා. මම හිතන්නේ දයාසිරිට ලක්ෂ 10 දුන්න එක්කෙනත් අමතක වෙලා.
රජකාලේ වගේ ගාස්තු රහිතව බයිසිකල් බහාලුම් ගෙන්වන්න දීලා නැතිද?
ඔයාට කීයක් ගෙවනවද පච කියනවට?
ඔබත් ආණ්ඩුවේ නම්, ඔබත් ගන්න එය
ඇත්ත නේන්නම්. ඔය මන්ත්‍රී කියන අයට ඊට වැඩිය ගෙවනවා. හම්බවෙන මුළු ගණනින් හරියට අදායම් බදු ගෙව්වොත් තමා හොඳ. දියුණුවෙන හා දියුණු රටවල මන්ත්‍රීලා තමා ඉස්සෙල්ලම හරියට බදු ගෙවන්න පටන්ගන්නේ.
ඇයි නම් හෙලිකරන්නේ නැත්තේ, නම් හෙලිකරා නම් කතාවේ ඇත්ත නැත්ත දැන ගන්න තිබුණා අපිට...... එහෙම නැතිව පාර්ලීමේන්තුවට ඇවිත් ඕපාදූප කියන්න එපා.
මේ ආණ්ඩුව වගේ හැකියාවක් නැති තීරණ ගන්න බැරි ආණ්ඩුවක් කිසි දිනක ලංකාවේ තිබිල නැහැ. එත් මහින්ද යාපා වගේ අය ඉන්න ආණ්ඩුවකට අපි ආපසු යායුතුද ?
ඔබතුමා කියන කතාව සත්‍ය නම්,කරන්න තියෙන්නේ ඒ ගැන තොරතුරු ගෙන අල්ලස් හා දුෂණ අංශයට පැමිණිලි කිරීමයි. මොන ප්‍රශ්න තිබුණත්, ඔබතුමාලාගේ කාලයට වඩා රටේ නීතියක් කෙරෙනවා. ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියෙකුත් අල්ලස් වලට ඇල්ලුවා.මීට පෙර එහෙම එකක් හිතන්නවත් පුළුවන් උනාද ? ඒනිසා ඇයි ඔබතුමාට මේ ගැන පැමිණිල්ලක් කරන්න බැරි ? එතකොට ජනතාව සත්‍ය තේරුම් ගනීවිනේ.මෙහෙම කියා කියා හිටියම අපට හිතන්න වෙන්නේ මේවා මඩ ගහන්න කියන කතා කියලයි.ඒනිසා,කරුණාකර ඔබතුමා කියන දේ ඔප්පුකොට පෙන්වන්න.
මේ ලොකු උන්නැහේ.. පච නම් කියන්න එපා... ඔතන ඉන්න බූරුවන්ට ලක්ෂ 2 ක් දවසේ වේල් තුනටත් මදි.. කෝටි දෙකක් කිව්වා නම් යන්තම් හරි විශ්වාස කරන්න තිබුණා. ඉතින් බොරු කියන කොට ටිකක් කැටයම් දාලවත් කියන්න හොඳේ..
ඔය ආණ්ඩුවට කඩේ යන්නේ අයටත් ලක්ෂ 2 ක් හම්බ වෙයිද?
එන ඡන්දෙකදී මේ වගේ අපතයින්ට ඡන්දෙ දෙන්න එපා...
ඒකාබද්ධය වෙනුවෙන් කෑ ගහන අයට ගෙවීමක් කරන්නෙම නැද්ද? එහෙමනම් මතුයම් දවසක බලය අල්ලා ගත්තාට පස්සේ ලැබෙන ගෙවීම් ගැන හිතාගෙන වෙන්න ඇති දැන් නොමිලයේ ඔයතරම් උද්යෝගයකින් කෑ ගහන්නේ.
එතකොට අර මන්ත්‍රීතුමා මිලියනයක් ගත්තේ කාට කෑ ගහන්නද? එ්කත් කියලම දාන්න බැරිද?
අයි එතකොට එකාබධ්දය වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීවරුන්ට ගෙවන්නේ නැද්ද? බලයට පත් උනහම ලක්ෂ දෙකට වැඩිය හොයාගන්න අවස්තාව ලබාදෙන පොරොන්දුව ඇතුවද එහෙම කටයුතු කරන්නේ එහෙනම්.
එක සත්‍යක් නම් ඔබල බොහොම දුකින් ඉන්න බව පේනවා............ නමුත් ඔබලාටද ගෙවනේනම් නොපැකිලිව එය ඉටුකිරීමට සැදී පැහැදී ඉන්න බව රටම දන්නවා
සාමාන්‍ය පෙළ අසමත්, සහ උසස් පෙළ අසමත් සියයකට වඩා සිටින පාර්ලිමේන්තුවකට ඇමතිකම්, නියෝජ්‍ය ඇමතිකම් සහ රාජ්‍ය ඇමතිකම් ලබා දුන්නට පසුව ඉතිරි අයට සලකන්නේ නැත්ද? අධීක්ෂණ මන්ත්‍රීකම රුපියල් ලක්ෂ දෙකකින් ආවරණය කල නොහැක. වාහන, ඉන්ධන, කාර්යාල පහසුකම් ලබා දිය යුතුය. මේ අසෝබන දේශපාලනය අනුමත කරන්නේ අපි නොවෙමුද? සාවධ්‍ය හා සාපරාධි අන්දමින් ධනය උපයානොගත් අය සිටින්නේ අතේ ඇඟිලි තරම් අඩු සංඛාවකි. කලක් බලයේ සිට ඉන් ඉවත් කල අය නගන අදෝනාවනැවත කරලියේ දොන්කාරදිමයි.