ඩයනා උදයංගනී
දැනට කඩා වැටී ඇති කොටස් වෙළෙඳපොළ ගොඩගැනීම සඳහා සේවක අර්ථසාධක අරමුදල කොල්ල කෑමට රජය උත්සාහ කරන බව අන්තර් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ඒ සඳහා සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් කොටස් වෙළෙදපලෙහි ආයෝජනය කිරිම වෙනුවෙන් වන ධවල පත්‍රිකාවක් ගෙන ඒමට රජය සුදානම් වන බව ද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.
සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළෙඳපොළහි ආයෝජනය කිරීම සිදුවන්නේ සියයට 5ක පමණ සීමාවක් යටතේ බව කී සභාපතිවරයා එම සීමාව ඉවත් කිරීමට මෙම පත්‍රිකාව හරහා රජය උත්සාහ ගන්නා බව ද කීවේය. වසන්ත සමරසිංහ මහතා මේ බව පැවසුවේ මරදානේ පිහිටි සමාජය හා සාමයික කේන්ද්‍රයේදී අද (13) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
වත්මන රජය සේවක අර්ථ සාධක අරමුදල උකස් කර ඩොලර් මිලියන 300 ක ණය මුදලක් ලබා ගැනීම සඳහා 2016 වසරේ ගිවිසුම අත්සන් කර ඇති අතර මේ වන විටත් එයින් ඩොලර් මිලියන 125 ක ණය මුදලක් ලබාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.
COMMENTS
යහපාලනය දැන් ගෙනියන විදියට වැඩේට දැනටත් පරක්කුද මන්දා...?
අවුරුදු පහෙන් පහට ආණ්ඩු මාරු කලේ නැත්නම් අපිවත් විකුණලා භාණ්ඩාගාරය පුරවාගනියි.
මේ පුද්ගලයා නිතරම බලන්නේ හාල් මුට්ටිය දිහා විතරයි.
ජවිපෙ කාරයින්ට අර්ථ සාධකයක් නැහැ.... කොහේවත් වැඩ කරලා නැති නිසා.. කතාව නම් හරියටම මහන්සි වෙලා රස්සාවක් කරනවා වගේ... බොරුවට මිනිස්සු කුලප්පු කරන්න නම් හොඳට දන්නවා.
මේ සේවක අර්ථසාධක අරමුදලේ තියෙන්නේ ලක්ෂ හැටකට ආසන්න පෞද්ගලික අංශයේ සේවකයන් ඉතාමත් අඩු වරප්‍රසාද පහසුකම් යටතේ සේවය කරමින් තමන්ගේ වැටුපෙන් සීයයට අටක් දායක කරමින්, තමන්ගේ මහළු වියේදී ජීවිතය අනුන්ට අත නොපා ජීවත්වන්න ඉතිරි කළ මුදල් මිසක රාජපක්ෂලා සිරිසේනලා හා වික්‍රමසිංහලාගේ පාරම්පරික බූදලය මුදල් නොවේය. ඒ නිසා එය මංකොල්ල කන්න නැති නාස්ති කරන්න හෝ අවභාවිතයේ යොදවන්න කිසිවෙකුට අයිති නැති අතර එවැනි උත්සාහයන් පරාජය කරන්න එහි උරුමක්කාරයන්ගේද වගකීම වේ.
මේ ඔක්කොම 3 වැනි කැරැල්ලට පාර හදනව
උපතින්ම බුද්ධියෙන් අන්ධ ,අන්ධභාවය වසාගන්න පාට කණ්ණාඩි දමන බාලයන්ට මෙවැන්නක් තේරුම් ගන්න අමාරුයි. වසන්තලා මේවා ගැන සොයා නොබලන්නේ නම් අර්ථ සාධකේ සත්‍යවත් වෙන්නේ නැහැ.
ලක්ෂ 62 ට නම් මාර සන්තෝෂ ඇති. ඒ ගොල්ලෝ කැමතියිලු ඒ ගොල්ලෝ පත් කර ගත්ත යහපාලනේට තමන් අවුරුදු ගානක් දුක් විඳල හම්බ කරපු අර්ථ සාදක අරමුදල පුදන්න. කොහොම මිනිස්සුද.? ලක්ෂ 62 ඔබට සතුටු නේද දැන් ... ?
රජයේ අරමුන රටේ සම්පත් විකුණා බැංකු අර්ථසාධක සමෘද්ධි වැනි තැන්වල එකතු වී අැති මුදල් හොරා ගෙන හෝ උදුරා ගෙන හා සාමාන්‍ය මිනිසාගේ නාසයටත් උඩින් බදු ගසා, ඔවුන් සඳහා සියලු සැප විහරණ අැතිව ජීවත් වීමට පාලනය සකසා ගැනීමයි. මෙහි වෙනසක් අනිවාර්යයයෙන්ම අවශ්‍යයි. මන්ත්‍රී වැටුප දීමනාවක් කරන්න. අනවශ්‍ය දීමනා ඉවත් කරන්න. මන්ත්‍රී විශ්‍රාම වැැටුප ඉවත් කරන්න.