IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ආණ්ඩුවෙන් යනවාද නැතිද තීරණය කරන කාලයක්

(ඩයනා උදයංගනී)

සම්මුතිවාදී ආණ්ඩුවේ කාලය දෙසැම්බර් මාසයෙන් අවසන් වන බැවින් ඉදිරි මාස දෙක තුන ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට ඉතා වැදගත් වන බව මහාමාර්ග රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පවසයි.

“පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වී පසුගිය කාලයේ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් නැවත සලකා බැලීමක් කර අවුරුදු දෙකෙන් පසු එළියට බසිනවාද ඉදිරියට යනවාද යන්න තීරණය කිරීමට මේ කාලය වැදගත්“ යැයි රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

තමන්ගේ පෞද්ගලික අදහස වන්නේ ගත වූ වසර දෙක තුළ සිදුවූ කටයුතු සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බව යැයි ද පෙරේරා මහතා කියයි.

රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (22) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(ඡායාරූපය ඉෂාන් සංජීව)



අදහස් (11)

ආණ්ඩුවෙන් යනවාද නැතිද තීරණය කරන කාලයක්

Da silva berlin Thursday, 22 June 2017 12:55 PM

සැහීමකට පත්වෙන්න බැරි බව ඔබගේ අදහස නම් මොකටද දෙසැම්බර් වෙනකම් බලන් ඉන්නේ? නියෝජ්‍ය අමැතිකමෙන් අදම ඉවත් වෙන්න...

:       0       0

nuwan Thursday, 22 June 2017 01:29 PM

වැඩ බැරි ආණ්ඩුවකට මුක්කු ගහගෙන තව බයිලා කියා කියා ඉන්නයි වෙන්නේ..

:       0       0

Sesath Thursday, 22 June 2017 01:37 PM

දැන්වත් ගියානම් හොඳයි ලක් ජනතාවගේ සුබ සාධනය පතා....

:       0       0

සාරාසී Thursday, 22 June 2017 01:48 PM

සිංහල පක්ෂ දෙකක් එකතු වුණ එක ගැන අපිට නම් සතුටුයි.

:       0       0

lalith Thursday, 22 June 2017 02:13 PM

එක ඇත්ත මේ වතාවේ තීරුබදු රහිත කාර් ලැබුනෙත් නැහැනේ නේද?

:       1       18

minipe Thursday, 22 June 2017 03:01 PM

දැම්ම එපා ලොක්කා. ඡන්දෙට කිට්ටුවෙලා, යන අත බලලා හෝයි කියන්න.

:       88       13

siri Thursday, 22 June 2017 07:45 PM

මෙයා ගියොත් ගියාම තමයි.ආයේ මෙයට යන්න තැනක් නැතිවෙනවා.

:       0       0

maalaka Friday, 23 June 2017 02:39 AM

හිටියද?

:       0       0

sanjeeva Friday, 23 June 2017 03:13 AM

මෙය ආණ්ඩුවෙන් යනවද නැද්ද කියන එක අප්ලෝකුවට ටෝක් දාන්නේ එදා හිටියේ මොන පැත්තේ ද . හාලි-ඇළ උඩින්ම පැරදිලා හිටියේ .. දැන් එනවා මෙතන ලොරි ටෝක් දාන්න

:       0       0

sisira Friday, 23 June 2017 03:25 AM

අපට ඕනැ තනි යූ එන් පී ආණ්ඩුවක්. පැරදිච්චි එවුන් ඇමතිකම් වලට දාගෙන කරන විගඩමක් මේක. යූඑන්පී එකේ බිම් මට්ටම දැන් පිරිහිලා. තිබුණු බලාපොරොත්තු සුන් වෙලා. මේ විදියට ගියොත් ඉදිරි මැතිවරණ වල ප්‍රථිපලය දන්නවාද? ප්‍රථිශතය 20 % ත් 25 ත් අතර වෙනවාමයි.මේ අය යායුතුයි. නැත්නම් ඉවත් කල යුතුයි. නැත්නම් අවුරුදු 20 කට පස්සේ හදපු ආණ්ඩුවට දෙයියන්ගේම පිහිටයි.

:       0       0

sugath Friday, 23 June 2017 04:41 AM

ගිලෙන නැවෙන් මීයොත් අහකට පනිනවනේ නේද ලොක්ක .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30534 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12546 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10906 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 789 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 242 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 888 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site