IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


‘ආටිගල මැක්කා‘ ඇතුළු 4ක් දැලේ

(කේ.බුද්ධික කුමාරසිරි  සහ එච් .එස්. ඒ නන්දන)

පාදුක්ක නගරයේ පිහිටි රන් භාණ්ඩ විකිණීමේ නිරත වෙළඳසලකින් රුපියල් හත් ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ල කා පලා ගොස් සිටි ‘‘ආටිගල මැක්කා’’ නැමැති 18 හැවිරිදි  තරුණයෙකු විසින් මෙහෙය වූ බව කියන ‘‘හතරේ කල්ලිය’’ නමැති තරුණයින් සිව් දෙනෙකු අද (16) හංවැල්ල ආටිගල ප‍්‍රදේශයේ නිවසකදී සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි.

පාදුක්ක නගරයේ පිහිටි මෙම රන් භාණ්ඩ වෙළඳසලට ඉකුත් ජනවාරි මස 30 වැනිදා  පැමිණ ඇති මෙම සැකකරුවන් එහි හිමිකරුට තර්ජනය කර බිය වද්දා වෙළඳසලෙහි තිබූ රන් භාණ්ඩ කොල්ල කා පලා ගිය බව වෙළඳසලෙහි හිමිකරු විසින් පාදුක්ක පොලිසියට සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ  පරීක්ෂණයේදී මෙම සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට හැකි වූ බවද පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගත් සැකකරුවන් හංවැල්ල ආටිගල  ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 18,  20,  24 සහ 34 යන වයස්වල තරුණයින් බවත් මෙයින් 34 හැවිරිදි පුද්ගලයා පමණක් විවාහකයෙකු වන බවත් අනෙක් පුද්ගලයින් අවිවාහකයින් බවත් පොලිසිය පවසයි.

මෙම සැකකරුවන් පුද්ගලයින්ට තර්ජනය කිරීම් පහර දීම් ආදී කටයුතුවල නිරත වී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද මෙම රන් භාණ්ඩ කොල්ල කෑම පිටුපස වෙනත් කරුණක් සැඟවී ඇති බවට තොරතුරු ලැබෙමින් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි දුරටත් පරීක්ෂණ පවත්වන බවද පොලිසිය පවසයි.

කොල්ල කෑමට අදාල දර්ශන  වෙළඳසලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවල සටහන්ව තිබූ බවත් එම දර්ශන ඔස්සේ සැකකරුවන් හඳුනාගෙන අත් අඩංගුවට ගැනීම සිදු කළ බවද පොලිසිය පවසයි. අත් අඩංගුවේ පසුවන සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (2)

‘ආටිගල මැක්කා‘ ඇතුළු 4ක් දැලේ

channa Friday, 16 March 2018 06:58 AM

චන්ඩි එපා......සැඟවුණු ආයුධ පෙන්න්න කියයි...............

:       2       5

naradha Friday, 16 March 2018 10:34 AM

කිසිම සාධාරණ රැකියාවක් නොකර, අනුන්ගේ දේ බලෙන් කොල්ලකාගෙන ජීවත් වෙන කොටසක්. අද බොහෝ කුඩු ජාවාරම්, කප්පම් කල්ලි පිටිපස සිටින්නේ මේ අයයි. මෙවැනි අය සමාජයෙන් තුරන් කිරීම සුදු වෑන් තිබුනට කමක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 83 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 356 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site