IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා - මහ බැංකු අධිපති

යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයෙන් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීම සඳහා ක්‍රමවත් සැලැස්මකට අනුව ක්‍රියාකරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද (15) කීය. 
 
ඒ අනුව මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ශ්‍රී ලංකාව එම අසාදු ලේඛනයෙන් ඉවත් කර ගැනීමට හැකිවනු ඇතැයි ද ඒ සඳහා මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් වූ ආසියා ශාන්තිකර සංවිධානය සමඟ කටයුතු කරන බව ද මහ බැංකු අධිපතිවරයා එහිදි කීය. 
 
මුදල් ප්‍රතිපත්ති විවරණය දැනුම් දීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ අද (15) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඒ බව පැවැසීය. 
 
යුරෝපා සංගමයේ මුදල් විශුද්ධිකරණ අසාදු ලේඛනයට ශ්‍රී ලංකාව ද ඇතුළත් කළ බව යුරෝපා පාර්ලිමේන්තුව නිල වෙබ් අඩවිය පසුගිය සතියේදී වාර්තා කළේය. 
 
055

 

 

 

 

 



අදහස් (8)

අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නවා - මහ බැංකු අධිපති

Bamunuarachchi Thursday, 15 February 2018 04:22 PM

ඒ ගමන්ම මුදල් විසුද්දීකරණයට අසුවූ අය‍ට දඬුවම් කිරීමත් විය යුතුය. ඒගොල්ලෝ නිදොස්කොට නිදහස් කරනැත

:       0       0

Ajith Nissanka Thursday, 15 February 2018 04:33 PM

අසාදු ලේඛණයෙන් ශ්‍රී ලංකාව ඉවත්කරගැනීමට පියවර ගන්නේ යුරෝපා සංගමය ලග උපවාස කරලද? අසාදු ලේඛණයට ලංකාව ඇතුල් වුනේ හොර දේසපාලුවන් කළු සල්ලි පිට රටවල් වලට යවන නිසා! එහෙම හොරු රජකරවන සහ ආරක්ෂා කරන රටකට පුලුවන්ද ඔය වැඩේ කරන්න!

:       0       0

Rasika Thursday, 15 February 2018 07:58 PM

මෙය බරපතල සිදුවීමක්. මහ බැංකුව මංකොල්ල කනකොට මෙහෙම වෙයි කියල හිතුණා. දැන් ආයෝජකයෝ එයි. ඔන්න UNP ආර්ථික දක්ෂයෝ කල හරිය රටට. රනිල්ගේ මොලේ. මේ රටේ ආර්ථික අගාදයකට තල්ලුකලේ රනිල්ගේ ආණ්ඩුව.

:       1       1

sisira Thursday, 15 February 2018 11:27 PM

කටින් හිටවන බතල කොලද?

:       0       25

Sathyayaa Friday, 16 February 2018 12:45 AM

ඔයත් රෝයල් , එයත් රෝයල් ඔය අවුලට වග කිව යුතු පුද්ගලයාත් රෝයල්. ජනතාව බඩ ගින්නේ ඉන්න කොට ඔය ගොල්ලෝ සේරම එකතුවෙලා කාල තියෙන්නේ රාජකීය මගුලක්. අපේ රටේ ප්‍රතිබිම්බය අපේම මෝඩයින් අතින් කුඩු වී හමාරයි. කෑලි එකතු කරලා අලවල පිළියම් කරපු බව ලෝකයාට සදහටම පෙනේවි. අපේ අමන දෙස්පලුවනේගේ නිරුවතත් ඒ සමගම පෙනේවි.

:       0       123

Bamunuarachchi Friday, 16 February 2018 02:22 AM

දන්නෝ දනිති කවූද ලොකුම හොරා කියලා. නිදොස් කර නැහැ

:       0       25

sachith Friday, 16 February 2018 03:01 AM

ජාතක කතා පොතේ තියෙනවා වගේ, ලේන් අම්ම වලිගෙන් මහා මුහුදේ වතුර අහක් කරන්න හැදුව වගේ වැඩක් මහත්තයෝ ඕක. අපේ ගරුකටයුතු ඇමතිලා ඉන්නකම් ඕක හීනයක්.

:       0       2

ramani Saturday, 17 February 2018 05:10 AM

මහ මොලකාරයෝ ඉන්නකොට රටවල්වලට මෙහෙම වෙනවා. දැන් මේ මහා මොලකරු තවත් හිටියොත් රට හිමි වෙන තැන කොතනද?... කියා හිතන්න වත් බැහැ නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 628 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site