රංජන් කස්තුරි
ඉන්ධන මිල වැඩිවීමට සාපේක්ෂව බස් ගාස්තු සියයට 20න් ඉහළ නැංවීමටත් අවම බස් ගාස්තුව රුපියල් 10 සිට 15 දක්වා ඉහළ නැංවීමටත් කටයුතු කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය සඳහන් කරයි.
බස් ගාස්තුව එලෙස ඉහළ නොදැමුවහොත් ලබන බදාදා (16) මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ බස් වර්ජනයක් දියත් කරන බව ද එම සම්මේලනය සඳහන් කරයි.
ඉන්ධන ගාස්තු වැඩිවීම නිසා පිරිවැය ඉහළ ගොස් පාඩු ලබන තත්ත්වයකට පත්ව ඇති හෙයින් බස් ගාස්තු ඉහළ නැංවීමෙන් තොර විකල්පයක් නැතැයි ද එස සම්මේලනය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙනදා අවම බස් ගාස්තුව වැඩි වෙන්නෙ උපරිම රුපියලකින් නැත්නම් දෙකකින්.
ජෙ.ආර්. කියන දේශපාලනමය පාලකයා මේ රටට කල දේවල් වලින් එකක් තමයි මේ පෞද්ගලික බස් සේවය. ආරම්භයේ සිටම කිසිම විනයක් ප්‍රතිපත්තියක් හා සංවරභාවයක් නැති මූර්ගයෝ කොටසකට සමාන බහුතරයක් තමයි. මෙම සේවයේ අයිතිකරුවන් හා සේවකයින් ලෙස කටයුතු කරන්නේ. තමන්ගේ ඉල්ලීම් ඉටු කරන්න මගී ජනතාව ප්‍රාණ ඇපයට තබා ගන්න හදන මේ මැර කල්ලිය වහාම පාලනය කළයුතුය. බස් ගාස්තු වැඩි කිරීම හැර වෙනත් කිසිම කාර්යයක් සම්බන්ධයෙන් උනන්දු නොවන මේ තක්කඩි රැලේ බහුතරය 2007 ජනවාරි 1දා සිට මගින්ට ටිකට් පතක් නිකුත් කිරීම අනිවාර්යය කළද අද දක්වා එය ක්‍රියාත්මක නොකරයි. ඒවගේම සෙමින් ධාවනය කිරීම බස් නැවතුම් පොළවල්වල දිගු වෙලාවක් නවතාගෙන සිටීම, අධික ලෙස මගින් පටවාගෙන යාම හා රාත්‍රී 7න් පසු බස් ධාවනයේ නොයේදීම වැනි කරුණු හේතුවෙන් මගියා මහත් පීඩාවට පත්කරන මේ නඩය වඩා යහපත් සේවයක් ක්‍රියාත්මක කරන තුරු බස් ගාස්තු වැඩි නොකළ යුතුය.
බස් ගැමුණු සහ අනිත් ඇම්බැට්ටයෝ අහිංසක බස් මගීන්ගේ ලේඋරා බොන ලේ මාපිල්ලූ වගේ හරියට.
ඩිසල් මිලවැඩිවෙලා තිබෙන්නේ 20% අඩු ප්‍රමාණයක් මේගොල්ල අවම බස් ගාස්තු 50% වැඩි කරනලෙස ඉල්ලන්නේ කොහොමද ? කරුණාකර මේ බස් ඔක්කොම ජනසතු කරන්න
බස් කර්මාන්තය රැක ගැනීමට බස් ගාස්තු වැඩි කිරීම ඉතාම සාධාරණයි. මේ කලේ රුපියල් පහක් හිඟන්නෙකුට දුන්නත් විසි කරනවා. ඒ වගේම ගැමුණු මහත්මයා වැනි උගත්, බුද්ධිමත් අය තීරන ගන්නේ දුර දක්නා නුවනින් හොඳට හිතා බලලයි.
රොෂාන් බස් කාරයෙක් වගේ
පුළුවන් නම් දවස් තුනක් වර්ජනය කරලා පෙන්නන්න කියන්න. බඩගිනි වෙනකොට එකා දෙන්නා හිමින් හිමින් බස් දායි පාරට.
වර්ෂ 2010 ලංකාවේ ඩීසල් මිල රු.110 ට ත්, 2012 සිට 2014 අතර රු.111 - රු.121 අතරත් තිබිල තියනවා. ඒ කාලේ අගේට රු. 9 ට 10 ට දිව්වේ... මේ මිනිස්සු ගණන් අඩුවෙනකොට නිහඬව ඉඳලා, ආපහු පරණ ගානට එනකොට ගාස්තු වැඩිකරන්න ඉල්ලනවා. අපේ රටේ පෙට්‍රල්, ඩීසල් මිල කවදාවත් අඩුකරන්න හොඳ නැහැ.
බස් ගාස්තුවක් නියම කරන්නේ මගියකුට ඉඳගෙන යාමට නේද ? එක බස් මුදලාලි කෙනෙක් වත් අඩුගානේ රජය වත් මේ ගැන බලලා තියෙනවද ? මේ රටේ මිනිස්සු උදේට හිරවෙලා බස් වල යන හැටි බැලුවම ඒකට වෙනම දීමනාවක් දෙන්න ඕනෑ. නමුත් හැම ආණ්ඩුවක්ම බස් මුදලාලිට තර්ජනයට බයවෙලා ගාස්තු වැඩිකරනවා. ගාස්තු වැඩිකරනකොට මගී පහසුකම් වැඩිකිරීම ගැන බලන්න කවුරුවත් නැද්ද ? ප්‍රවාහන ඇමතිලා දෙන්නයි රාජ්‍ය ඇමතියි තව පළාත් ප්‍රවාහන ඇමතිලා 9 යි. මේ අයගෙ කාර්යභාරය මොකක්ද ? මගී පහසුකම් වැඩිකිරීම ගැන බලන්න බැරි ඇමතිලා රටට මොකටද ?
රොෂාන් කියලා තියනවා වගේ බස් ගාස්තුව වැඩි කිරීම සාධාරණයි. අනික ගැමුණු කියන්නේ වර්තමානයේ මාධ්‍ය ඉදිරියට ඇවිත් බස් ගාස්තු ගැන පමණක් නොවේ රටේ උසස් අධ්‍යාපනය ගැනත් කතා කරන උදාර චරිතයක්. එවැනි උගත් අය ඉල්ලා සිටින දේ අපට බැහැර කල නොහැකියි. එවන් උතුම් චරිත සමාජයට දායාද කල ශ්‍රී ලංකාවේ සියලුම ජන මාධ්‍ය වලටත් අපගේ කෘතගුණ භාවය පලකරමු.
ත්‍රීවීල් වලිනුත් කරන්නේ පොදු මගී සේවයක්. ත්‍රීවීල් එකේ යන්න පුළුවන් උපරිම මගීන් ගණන 3යි. 4ක් ගියොත් දඩ. ඒත් ඇයි මේ බස්වලට මගීන් සීමාවක් නැත්තේ? පොල් පටවනවා වගේ පටවනවා. ඇයි?මේකට ක්‍රියාමාර්ගයක් ගන්නේ නැත්තේ?
බමුණුආරච්චි මහත්මයාගේ අදහස මමත් පිළිගන්නවා. අවුරුදු පතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පාඩුව පියවන්න රුපියල් කෝටි 1000 ත් 2000 ත් අතර මුදලක් පසුගිය වසර 7-8 තුළ මහා භාණ්ඩාගාරයෙන් ගෙවල තිබෙනවා. මේකේ කළමනාකාරීත්වය නැවත පුද්ගලික සමාගමකට පවරලා හෝ විකුණලා දමලා මෙම මුදල වාර්ෂිකව ලංගම බස් ගැනීමට හෝ නවීකරණයට යෙදෙව්වා නම්, රටට මීට වැඩිය විශාල සේවයක් වෙනවා. තම ජීවිත කාලයටම ගුවන් යානයක නැගපු නැති නමුත් දිනපතා බස්වල තදවෙලා දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත අසරණ මිනිසුන්ගේ බදු මුදල් වියදම් කරන ආකාරය ගැන රජය මෙයට වැඩිය සැලකිලිමත් විය යුතු බව මගේ අදහසයි.