IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අල්ලස් නඩුවෙන් පොලිස් සැරයන් නිදහස්

(මනෝප්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
 
ජංගම දුරකතනයක් සම්බන්ධයෙන් වු පැමිණිල්ලක් සමථයකට පත් කිරීමට කාන්තාවකගෙන් රුපියල් 20,000 ක අල්ලසක් ලබා ගත්යැයි  කියන පොලිස් සැරයන්වරයකු නිදොස් කොට නිදහස් කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද (14) නියෝග කළේය.
 
පැමිණිලිකාරියගේ සහ අල්ලස් නිලධාරීන්ගේ සාක්කි පරස්පර බැවින් පොලිස් සැරයන්වරයා අල්ලස ලබා ගැනිම පිළිබඳ  සැකයක් මතුවීම හේතුවෙන් එහි වාසිය විත්තිකරුට ලබාදිමට විනිසුරුවරයා කටයුතු කළේය.
 
පැමිණිලිකාරියගේ සහ අල්ලස් නිලධාරීන්ගේ සාක්කි පරස්පර බවත් අල්ලස් ගැනීම සිදු වූ බව කියන තේ කඩයේ සේවය කළ අයගේ සාක්කිය අනුව අල්ලස් නිලධාරීන් කියනාකාරයේ වැටලීමක් සිදුවුවාද යන්න සැකයක් මතුවන බවත් සඳහන් කළ විනිසුරුවරයා මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ තංගල්ල පොලිසියේ සැරයන්වරයෙකු (19961) ලෙස සේවය කළ දික්වැල්ලේ පදිංචි රජගල්ගොඩ ගමගේ සුනිල් නමැත්තෙකි.



අදහස් (3)

අල්ලස් නඩුවෙන් පොලිස් සැරයන් නිදහස්

mahee Tuesday, 14 November 2017 08:00 PM

සාජන් මහත්තය කට්ටියට පොඩි පගාවක් වත් දුන්නද?

:       0       0

saman Tuesday, 14 November 2017 11:46 PM

තේ කඩයේ සේවය කළ අයගේ සාක්කිය හිරද කියලා කවුද දන්නේ?

:       0       0

rocky Wednesday, 15 November 2017 10:28 AM

තවත් අල්ලසක් හුවමාරු වුණාද කියලා සැකයකුත් මතු වෙනවා. කොහොම වුණත් මේ කාන්තාවට ආරක්ෂාව නොලැබෙන්නේ නම් නම්ගම් වෙනස් කර පොලීසියක් නැති පළාතකට යනවා නම් ඇඟට ගුණයි !!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 78 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 877 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site