බිමල් ශ්‍යාමන් ජයසිංහ
රුපියල් ලක්ෂ 6 අල්ලස් මුදලක් ලබාගත් ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති නාදන් මුත්තු විනයාගම් මහතා හා ඔහුගේ පෞද්ගලික සමාගමක ගිණුම් සහකාරවරයකු වන කදිරේසු සිවනේෂාන් මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි මහතා පැවසීය.
ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් මැල්සිරිපුර ප්‍රදේශයේ ගොවිපොළකට අයත් අවන්හළක් වසර දෙකකට කුලී පදනම මත ලබාදීම සඳහා රුපියල් ලක්ෂ 12 මුදලක් ඉල්ලා එයින් රුපියල් ලක්ෂ 6 මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේශපාලන හෙන්චියෙක්නේද ? පොඩ්ඩක්වත් ලිහිලයක් දක්වන්න එපා. නඩුත් නැහැ ඇපත් නැහැ. එකම දඬුවම තමා ඒක.
හීන් නූලෙන් කොටි ගණන් අල්ලස් ගන්න සාමාන්‍යාධිකාරී අහු උනේ නැද්ද???? මණ්ඩලය පාඩු පිට පාඩු ලබන්නේ සාමාන්‍යාධිකාරී නිසා ඔහුගේ වත්කම් සොයන්න.....