IMG-LOGO

අල්ලස් ගත් තක්සේරු නිලධාරියාට වසර 14ක සිර දඬුවම්

(මනෝප්‍රිය  ගුණසේකර)


 කොළඹ දිසා අධිකරණයේ  පුද්ගලයකුට පවරා ඇති නඩුවකින් ගැලවීම සඳහා  ලිපියක් දෙන බව පවසා  රුපියල් 15000  මුදලක්  ඉල්ලා ලබා ගත්තැයි  වරදකරු වු දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු  ලෙස කටයුතු කළ  පුද්ගලයකුට වසර 14 ක  සිර දඬුවමක්  නියම කළ කොළඹ මහාධිකරණ  විනිසුරු සම්පත්  විජේරත්න මහතා  ඔහුට රුපියල් 9000 ක දඩයක් නියම කළේය.


 ඔහු අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 15000 ක මුදල  දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද මහෙස්ත්‍රාත්වරයා නියම කළේය.


 මෙලෙස දඩුවම් නියම වුයේ දේශිය ආදයම් දෙපාර්තමේන්තුවේ අනුරාධපුර පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු  ලෙස කටයුතු කළ  ජනක බණ්ඩාර දසනායක නම් තැනැත්තෙකුටය.



අදහස් (15)

අල්ලස් ගත් තක්සේරු නිලධාරියාට වසර 14ක සිර දඬුවම්

de silva Friday, 11 May 2018 08:36 AM

අල්ලස දුෂණය රටේ දියුණුවට බාධාවකි. කරුණාකර මෙවැනි අල්ලස් නඩු සදහා පළාත්බද විශේෂ අධිකරණ ස්ථාපිත කර නඩු මාස කිහිපයක් තුළ විසදීමට කටයුතු කල යුතුයි .

:       2       220

පිටිගල මිලානෝ Friday, 11 May 2018 09:01 AM

පහළොස්දාහට අවුරුදු 14 නම් කොටි දහයේ අල්ලස් ගත්ත දෙන්නට අවුරුදු 93,333යි මාස තුනකට අච්චු ලැබෙයි.

:       29       391

lanka Friday, 11 May 2018 09:20 AM

අල්ලස සහ දුෂණය නිසා රටේ නීතිය සහ සැමට සමානව සැලකීම නැතිවෙලා රට විනාශ වෙලා.

:       1       269

Lapaya Friday, 11 May 2018 10:44 AM

පහළොස්දාහට අවුරුදු 14 නම් කොටි 165අල්ලස් ගත්ත කෙනාව අවුරුදු කීයකට හිරේ යයිද?

:       0       143

chris Friday, 11 May 2018 11:23 AM

කව්ද නඩුකාර උන්වහසේ ? අර යාපනේ එක්කෙනද? නැත්නම් නඩුකාර තුමා පැමිණිල්ලෙන් අල්ලස් අරන්ද?

:       465       566

de silva Friday, 11 May 2018 11:24 AM

ලංකාවේ අල්ලස් මුදල වැඩි වෙන්න වැඩි වෙන්න දඩුවම අඩුවෙනවා , අල්ලස 15000 නම් දඩුවම අවරුදු 14 , අල්ලස කොටි 2 නම් සති 4-5 රිමාන්ඩ් එකේ ඉඳල බේරෙන්න පුළුවන් , අල්ලස කොටි 10 වැඩිය ගත්ත මුකුත්ම නොදන්නා මිනිසුන්න්ට නම් නිකන්ම බේරෙන්න පුළුවන්.

:       1       385

maheshika Friday, 11 May 2018 11:34 AM

අල්ලස් ගන්න කට්ටියට දඬුවම් කරනකොට අල්ලසේ ප්‍රමාණය අනුව දඩුවම් කෙරුවොත් හොදි. 15000 හට ඔහොම කෙරුවම කොටි ගණන් ගත්ත කට්ටි යට? මහබැංකුව හොරකපු කට්ටියට, පාර්ලිමේන්තුවේ ඉඳන් ඔවුන්ගෙන් අල්ලස් ගත් කට්ටියට දෙන දඬුවම මොකක්ද?

:       0       0

Riyas kandy Friday, 11 May 2018 05:49 PM

කෝටි ගණන් රාජ්‍ය දේපල හොරකම් කරපු අය තවමත් නිදැල්ලේ. රුපියල් 15000 ක් ගත්ත නිලධාරියෙකුට අවුරුදු 14ක් සිර දඬුවමක්. දෙයියෝ සාක්කි.

:       1       108

surath Friday, 11 May 2018 06:45 PM

නඩු තීන්දු වල කිසි ප්‍රමිතියක් නැහැ සියල්ලටම පළමු නඩුකාර උත්තමයන්ගේ සාමාන්‍ය දැනීම හා වටපිටාවේ තොරතුරු පිලිබඳ ඔවුන් දැනුවත් කලයුතුය

:       0       19

sanath Friday, 11 May 2018 06:54 PM

"දුම්රිය මාර්ගයේ ඇවිදීම දඬුවම් ලැබියහැකි වරදකි" කියල ලියල තිබුනට දිනපතා දස දහස් ගණනක ජනතාව ඒ වැරැද්ද කරනවා. මේ නීතිය ක්‍රියාත්මක කරන්න උවමනා වුනොත් නිසි බලධරයන්ට ඒක කරන්න හැකියාව තියෙනවා. ඒ වගේ තමයි ලංකාවේ අල්ලස් නීතියත්. ආණ්ඩුවේ විතරක් නෙමෙයි පුද්ගලික අංශයේත් දස දහස් ගන්නටත් වඩා සේවකයෝ දිනපතා අල්ලස් ගන්නවා නමුත් නීතියෙන් අල්ලගන්නේ අවුරුද්දකට එක්කෙනෙක් දෙන්නෙක් පමණයි.

:       0       103

ගලබොඩ අත්තේ චමින්ද Saturday, 12 May 2018 01:49 AM

නීතිය ක්‍රියාත්මකවීම ඉතා හොඳයි. නමුත් එය හොරාකන දේශපාලකයන්ටත් පොදු විය යුතුයි. මා දන්නා තරමින් කිසිම දේශපලාකයෙකුට එරෙහිව අල්ලස් සම්බන්දව දඬුවමක් දීලා නැහැ. නීතිය කාටත් පොදුයි නම් ඇයි මේ වෙනස.

:       0       0

Siri Saturday, 12 May 2018 02:25 AM

සුගන්දිකාගේ කටට මසුරන් දාන්න ඕනි. කෝටි ගණන් ගහපු උන් දැන් හිරේද ? කිසිම දඬුවමක් නෑ. එක්කෝ පිටරට පැනලා. කෝ හැමෝටම එක නීතිය.

:       0       0

asanka Saturday, 12 May 2018 06:43 AM

ලොකු අයට එක නීතියක්. පොඩි අයට තව නීතියක්. මෙය කෙසේ හෝ වෙනස් කළ යුතු කාලය පැමිණ අැත...

:       0       66

bandula Saturday, 12 May 2018 06:44 AM

වතුර ගලායන්නේ පහත් තැනට මිස උස් තැනට නොවේ. දඬුවම වැඩි සුළු වරදටයි. දුම්රිය මාර්ගයේ ඇවිදීම කරන අය අල්ලා දඬුවම කර දඩ ගසා රජයට ලොකු අදායමක් ගත හැකිය.

:       0       0

enama Saturday, 12 May 2018 10:08 AM

රුපියල් 15000 වසර 14ක් නම් අපිට හිතාගන්න පුළුවන් අනිත් දෙන්නට කෝටි 2 වසර කීයකින් ලැබෙයිද කියලා..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1463 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 533 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 601 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site