(නිමන්ති රණසිංහ)
වැලි ගොඩ දැමීමේ බලපත්‍රයකට අවශ්‍ය නිර්දේශය ලබා දීමට කටයුතු කිරීම සඳහා ව්‍යාපාරිකයකුගෙන් රුපියල් එක්ලක්ෂ පනස් දහසක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ලබාගත් බව කියන පොතුවිල් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉඩම් නිලධාරියකු සහ ක්ෂේත්‍ර නිලධාරියකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනා අදාල ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ඉල්ලා පසුව එය රුපියල් ලක්ෂ 2කට අඩු කර ඇති බවත්, ඉන් රුපියල් පනස් දහසක මුදලක් මුලින් ලබාගෙන ඇති බවත් පැමිණිලිකරු සඳහන් කල බව අල්ලස් කොමිසම පවසයි .
පසුව එම අල්ලස් මුදලේ ඉතිරි මුදල ලබාගැනීම සඳහා සැකකරුවන් දෙදෙනා ඊයේ 16 පොතුවිල් ප්‍රදේශයට ගොස් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්වූ බවද කොමිසම සඳහන් කරයි .
සැකකරුවන් පොතුවිල් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ නැව් ගිලපු අය සැප ගන්නවා අපේ තුට්ටු දෙකෙන්.. තව එවුන් ටිකක් ඇති වෙන්න කියලා නිදොස් කොට නිදහස් වෙනවා.. නුඹලාට ඒ වාසනාව ලැබෙන්නේ නැහැ ළමයිනේ....