IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


අලුත් ඡන්ද ක්‍රමය ගැන සමාලෝචනයක් ඕනෑ - අගමැති

නිමල කොඩිතුවක්කු
 
ඉදිරි මැතිවරණ පැවැත්වෙන ක්‍රමවේදය සම්බන්ධයෙන් යළි සලකා බැලීමට සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද(22) කොළඹදී පැවසීය.

 
පසුගිය පළාත් පාලන මැතිවරණය පැවැත්වූ  නව මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ සමාලෝචනයක් සිදුකිරිම මගින් මෙම තීරණය ගත යුතු බවද අග්‍රාමාත්‍යවරයා කියා සිටියේය.
 
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවති කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන කිහිපයක එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් දිවුරුම් දීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
 
නව මැතිවරණ ක්‍රමවේදය හේතුවෙන් සභා ගණනාවක අස්ථාවරභාවයක් මතුව  ඇති බැවින්  එය නිවැරදි කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවත් අග්‍රාමාතයවරයා සදහන් කෙළ්ය.
 
ඊළඟ මැතිවරණයේදි මෙම ක්‍රමයේ නිවැරදි කිරිමක් සිදුවිය යුතු බවත්  ඒ  ගැන පාර්ලිමේන්තුවේදි තීරණ ගැනීමට සිදුවන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය.
 
 



අදහස් (3)

අලුත් ඡන්ද ක්‍රමය ගැන සමාලෝචනයක් ඕනෑ - අගමැති

asiri Friday, 23 March 2018 02:59 AM

මේ ක්‍රමය ගෙනාවේ ගමේ ඉන්න හොඳම අපේක්ෂකයා තෝරන්න නමුත් වුනේ එක නෙවෙයි. මේ ක්‍රමය අසාර්ථකයි තමා කවුන්සිලේ ඉන්න සාමාජිකයෝ ප්‍රමාණය දෙගුණ වුණා ඒ මදිවට අස්ථාවර සභා. JR මේක දැනගෙන තමා එදා වෙනත් ක්‍රමයක් ගෙනාවේ

:       0       38

dhamneth Friday, 23 March 2018 07:48 AM

මේ ක්‍රමයෙන් හොරකමක් වැරද්දක් පෙන්වාදෙන්නවත් විපක්ෂයක් නැතිව යනවා. සමානුපාතික ක්‍රමය තමයි ලංකාවට ගැලපෙන්නේ.

:       1       18

Hafeel Friday, 23 March 2018 08:45 AM

දැන් ඔය සේරම නවත්තල ගෙදර යන්න ලැස්ති වෙන්න. ඔන්න ගාල්ලෙන් වෙඩ පටන්ගත්ත. ඊළඟට එන එක්කනා ඔවා බලාවි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site