(බිඟුන් මේනක ගමගේ)
අපද්‍රව්‍ය බැහැර කරලීමට බාධා කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන බරපතල වැඩ සහිත සිර දඬුවම් පවා පැනවිය හැකි අයුරින් ජනාධිපතිවරයා නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය නිසා ජනතාව මහත් පීඩාවට ලක්විය හැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.
මීතොටමුල්ලේදී ජීවිත අහිමි වූයේ අනතුර දැක උද්ඝෝෂණය කළ ජනතාව යැයි ද පීඩාවට පත්ව සිටින්නන්ට විරෝධයට ඇති අයිතිය අහිමි කරන නීති ගෙනආවොත් ජනතාව මරණය වෙනුවට සිර ගෙවල් තෝරා ගනු ඇතැයි ද ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා “ලංකාදීප” යට පැවැසීය.
ජනපතිගේ ගැසට් පත්‍රයට අනුව දැනටමත් සිය පක්ෂයේ මධ්‍යම කාරක සභික ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා ඇතුලු පිරිසකට මහජන කැළඹීම් කළේ යැයි චෝදනා නඟා නඩු පවරා ඇතැයි කී හෙතෙම ජවිපෙ ජනපතිවරයා ගත් ක්‍රියාමාර්ගය වහා අහෝසි කළ යුතු යැයිද අවධාරණය කළේය.
COMMENTS
හැමතිස්සෙම මෙහෙම කඩාකප්පල් කරන්න දෙන්න බැහැ...
විරෝධය ලේසියි, විසඳුම් අමාරුයි. අපි කැමතියි ජ.වි.පෙ. කුණු ප්‍රශ්නයට දෙන විසඳුම දැනගන්න.
ජනපතිට ලණුදෙන්නේ කවුද? හැමතැනම උද්ඝෝෂණ. කොමිස්කරුවෝ පිරිලා...පගාවට මුල් තැන...කුණු කඳු, හදිසි අනතුරු, ඩෙංගු, නිසා ලෙඩවෙන, මැරෙන ගණන කීයක්ද?
සහතික ඇත්ත. 88-89 කාලේ ජීවත්වුණු අපි අද දන්නවා හොඳින්ම ජනතාව මහත් පීඩාවට ලක්වුණු හැටි...
මහී, ඕක තමයි එයාලගේ විසඳුම. හැමදේටම විරුද්ධවීම. විරුද්ධවීම විතරයි වැඩක් කරන්නේ නෑ...
මේක දැන් හරිම සෙල්ලමක් වෙලා. හැම දේකටම උද්ඝෝෂණ. වහාම මේක මැඩපැවැත්විය යුතුයි. පුදුම වැඩේ තමා දොම්පේ කසල රඳවනය හදපු බස්නාහිර පළාත් සභාවේ එවකට හිටපු මහ ඇමති ප‍්‍රසන්නත්, කරදියාන කසල රඳවනය හදන කොට එවකට ආණ්ඩුවෙ හිටපු කම්කරු ඇමති ගාමිණී ලොකුගේත් දැන් මේ කසල බැහැර කිරීමට විරුද්ධව උද්ඝෝණය කරන එක.
මෙයාලගේ මේ මෝඩ වැඩ නිසා තමයි ඡන්ද පදනමක්වත් හදාගන්න බැරි....
ජ.වි.ප. යට මිනිස්සුන්ව පාරට බස්සවන්ට අමාරුවෙන එකයි... කුණු ප්‍රශ්නෙ තවතවත් වවාගෙන කන්න බැරිවෙන එක ගැනයි දැන් අමාරුව තියෙන්නේ...
රොමේෂ්ගේ කාතාව හරි කවුද කැමති තමුන්ගේ නිවස ලග කුණු කදු ගහනවාට ඔය ජවිපෙ ට මඩ ගහන්නන් ගැන දුකයි
ජනතාවටද, ජෙ.වී.පී. එකටද පීඩාව? මහත්තයො 88 - 89 කාලේ, ඔයගොල්ලො බස් නැවැත්තුවාම පිළියන්දල ඉඳන් කොළඹට වැලි ලොරිවල වාඩිවෙලා වැඩට ගිය කෙනෙක් මම.
ඇත්තද? ඔයා කියනකම් දන්නේ නෑ අනේ. ඊළඟ පාර අපි ඔයාටමයි ඡන්දෙ දෙන්නේ. ස්තුතියි !
මේක ඕගොල්ලන්ගේ ආණ්ඩුවනේ. කෙලින්ම ඔයාලගේ නායකයා වන අගමැතිට කතා කරන්නකෝ.
ටිල්වින් මහත්තයෝ, කොහොමද පත්කර ගත්ත නායකයා? දැන් සැපද? ඕකට තමා කියන්නේ "ඌරගෙ මාළු ඌරගෙ ඇගේ තියල කපනවා කියල"
ප්‍රායෝගික විකල්ප වලින් තොර සියලු උද්ඝෝෂණය තහනම් කළ යුතුයි.
රජයේ ප්‍රතිපත්තිවලින් මිනිස්සු කුණු වලට යට වෙලා මැරෙනවා. ඉතින් එ්ක ජනතා කැමැත්ත...
පැතුම්, ඔයගොල්ල ඡන්ද පදනම් හදල තියෙන ක්‍රමය තමයි කුණුවලට ඔය ගොල්ලව යට කරන්නේ... අපිට නම් මේක මහා ලැජ්ජාවක්. මෙහෙ ඉන්න සුද්දෝ හිනාවෙනවා උඹලගේ රටේ මිනිස්සු කුණුවලට යටවෙලා මැරෙනවා... ඉතින් උඹල මේ තරම් මෝඩද? මේ වගේ නායකයින් පත්කරන්නේ නැවත නැවත කියල අහනවා. ඒ වෙලාවට දෙන උත්තරේ තමයි එක නිසා තමයි අපි රට අතහැරලා අවේ කියන එක...
සුමුදු ඔයාගේ කතාව හරි නමුත් කට්ටියක් ඉන්නවා ජන්දයත් දීලා කුණු වලට යටවෙන්න කැමති