IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අරුවක්කාලුවට ගිය ටිපර් රථවලට යළිත් ප්‍රහාරයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
 
අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් හතරකට අද(21) අලුයම කිසියම් පිරිසක් පහර දී ඇති බව පුත්තලම මුලස්ථාන පොලිසිය පවසයි.

කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට කසළ ප්‍රවාහනය කරමින් තිබු ටිපර් රථ වලට 21 දින අලුයම මෙම ප්‍රහාරය එල්ලවී ඇත්තේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ 4 කණුව ආසන්නයේදී බව කියයි.
 
මහමඟ රැදි සිටි පිරිසක් තම ටිපර් රථ වලට පහරදීම සිදුවූ බවත් ටිපර් රථ වලට පහර දුන් පිරිස් විසින් තමන්ටද පහරදීමට එයින් එළියට ඇද ගැනීමට උත්සහ කළ බව එහි රියදුරන් පොලිසියට පවසා තිබේ.
 
මෙයට පෙර 19 දින අලුයමද එම මාර්ගයේම මනතිව් ප්‍රදේශයේදී ටිපර් රථවලට ප්‍රහාරයක් එල්ල වි තිබු අතර ඒ සම්බන්ධ සැකකරුවන් සිව් දෙනෙකු යුද හමුදාව හා පොලිසිය එක්ව අත්අඩංගුවට ගෙන පුත්තලම අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
 
20 දින රාත්‍රියේ අරුවක්කාලු කසළ  අංගනය වෙත කසළ  ප්‍රවාහන සදහා කොළඹ සිට ටිපර් රථ 29 ක් පැමිණ තිබූ අතර එයින් හතරකට මෙසේ ප්‍රහාරය එල්ල වී තිබේ. ප්‍රහාරය සදහා පැමිණි පිරිස් ගල් හා යකඩ පොලු යොදා ගෙන තිබු බව රියදුරන් පවසයි. එම ප්‍රහාරයෙන් ටිපර් රථවලට සුළු අලාභ හානි සිදුව තිබු අතර පොලිසිය හා යුද හමුදාව ආරක්ෂාවට යොදවා තිබෙන බව පොලිසිය පවසයි. 



අදහස් (4)

අරුවක්කාලුවට ගිය ටිපර් රථවලට යළිත් ප්‍රහාරයක්

දිමුත් Wednesday, 21 August 2019 05:06 AM

ඕවාට ගහපු අය හොයාගෙන කුණු ටික කවන්න තියෙන්නේ.

:       19       217

MaheeWednesday, 21 August 2019 07:39 AM

කතාව නම් හරි. කොහොමද ක්‍රියාත්මක කරන්නේ? දුර දිග හෙව්වොත් කවුද පිටිපස්සේ ඉන්නේ කියලා දැනගන්න පුළුවන්, එහෙම හොයන්න කෙනෙක් නෑ.

:       0       0

ගගන Wednesday, 21 August 2019 07:41 AM

රෝසි නෝනගේ කට් එකට සෙට් වෙන්න වගේ යන්නේ...

:       1       0

Jayantha Wednesday, 21 August 2019 07:52 AM

යමක් සිදුවීමට පෙර එය වැළැක්වීම නුවණට හුරුය! ගමේ ජනතාවගෙන් විරුද්ධත්වයක් තිබෙන බව දැන දැන බලධාරීන් නිසි ආරක්ෂාවක් නොමැතිව මෙම ටිපර් රථ ඉදිරියට යාමට ඔවුන් ඉඩ දුන්නේ ඇයි? බලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන අරුවක්කාලු කසළ අංගනය වැනි සමාන ස්ථානයකට ගෙන ගොස් මෙය සිදුකරන ආකාරය ඔවුන්ට පෙන්විය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site