(ශෙහාන් චාමික සිල්වා)
ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සභාපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද යළි විවෘත වරෙන්තු නිකුත් කළාය.
ඔහු අත්අඩංගුවට ගැනීමට මීට පෙර ද වරෙන්තු නිකුත් කර තිබුණත් හු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව රහස් පොලිසිය පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා අධිකරණයට දැනුම් දුන්නේ මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන ලෙස ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන්ව රටේ මේවගේ ස්ථානවල ප්‍රධාන තනතුරු වලට පත්කරවන්නේ රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරවීමටයි. නමුත් ඔවුන් ඔවුන්ගේ බුද්ධිය භාවිතා කරමින් සිද්ධ කරන්නේ එහි සම්පත් ටික තම වරිගයේ අයත් සමග එකතුවෙලා සාක්කුවේ දමා ගන්න එකයි.. මොවුන් උපාධි සමත් වෙලා තිබෙන්නේ හොරකම් පිළිබඳවද ?උගත්කම තිබෙනවානම් පුද්ගලයෙකුට හොරකම් නොකර සාධාරණව පොහොසත් වෙන්න බැරිද ? මොන තරම් ලජ්ජා සහගත වැඩද
කොච්චර වරෙන්තු නිකුත් කෙරුවත් උන්නැහේ ආයේ එන්නේ නැහැ වගෙයි.