IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


අර්ජුන් මහේන්ද්‍රන්ගේ විද්‍යුත් සන්නිවේදන උපකරණ පරික්ෂාවට අවසර

(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)

මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා භාවිතා කළ විද්‍යුත් සන්නිවේදන උපකරණ සියල්ලම විමර්ශන නිලධාරීන්ට බාර දෙන ලෙස බැඳුම්කර කොමිසම අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට අද(26) නියම කළේය.

2015 සිට මේ දක්වා අර්ජුන් මහේන්ද්‍රන් භාවිතා කරන ජංගම දුරකථන, ලැප්ටොප් පරිගණක, ටැබ්ලට්, පරිගණක ඇතුළු සියලු ඩිජිටල් තාක්‍ෂණ උපකරණ ඩිජිටල් වෝහාරික පරීක්‍ෂණයකට ලක් කළ යුතුයැයි කියමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා කරන ලද ඇයැදුමක් පිළිගනිමින් අදාළ උපකරණ කොමිසම බාරයට පත් කරන ලෙස මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන්  මහෙන්ද්‍රන්ට කොමිසම  නියෝග කළේය.

බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීමට පත්කොට ඇති ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත‍්‍රසිරි, ප‍්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලූපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්  හමුවේ මෙම සාක්කි විභාග කිරීම සිදු කෙරේ.

අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ යසන්ත කෝදාගොඩ මහතා වැඩිදුරටත් කොමිසම අමතමින් ‘‘මෙම ඉල්ලීම කිරීමට මා ප‍්‍රමාද වැඩිද කියලත් මට හිතෙනවා. තමන් භාවිතා කළ ඩිජිටල් උපකරණ බාර දෙන ලෙස සමහරුන්ගෙන් ඉල්ලූ විට ඔවුන් තමන්ගේ ජංගම දුරකථන විනාශ වී ඇති බවද තවත් සමහරුන් තමන්ගේ ජංගම දුරකථනය සිංගප්පුරූවේ නාන තටාකයට වැටුණු බව ආදී නොයෙක් දේවල් කිව්වා. සත්‍ය සොයා ගැනීම සඳහා මෙවැනි ඩිජිටල් උපකරණ වල ඇති තොරතුරු ඇත්තටම වැදගත්. අර්ජුන් ඇලෝසියස් මෙම කොමිසමට ලබා දී තියෙන්නෙත් ඔහු මීට මාස හයකට පෙර භාවිතා කළ ඩිජිටල් උපකරණ වල තොරතුරු පමණයි‘‘ යැයි කීවේය.

හිටපු මහා බැංකු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වෙනුවෙන් පෙනී සිටින නීතීඥ චානක ද සිල්වා මහතා කොමිසම අමතමින් මෙසේ කීවේය.

‘‘නීතීපතිවරයා වෙනුවෙන් කරන මෙම ඇයැදුම්පත සම්බන්ධයෙන් හා එහිදී පැවසු කරුණු සම්බන්ධයෙන් මා පුදුමයට පත් වෙනවා. මෙවැනි ඉල්ලීමක් කරන විට අපක්‍ෂපාති විය යුතුයි. මෙවැනි කරුණක් ඉදිරිපත් කරන විට අනවශ්‍ය එක් එක් කුණු එකතු කරන්න බැහැ‘‘ යැයි ද ඔහු කීය.

‘‘මේක මහජන කොමිසමක්. මහජනතාවගේ ඉල්ලීම මතයි මෙවැනි කොමිසමක් පත් කරන්නේ. මෙම කොමිසමේ සිදුවන දේ මහජනතාව දැනගන්නේ මාධ්‍ය හරහායි‘‘ යැයි අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කීවේය.

එවිට නීතීඥ චානක ද සිල්වා මහතා විමසා සිටියේ කොමිසමට අදාළ නැති අමතර කරුණු පැවසූයේ මාධ්‍ය වල පළ වෙන්නද යනුවෙනි. එවැනි කරුණු තමා නොකී බව ලිවේරා මහතා කීය.



අදහස් (2)

අර්ජුන් මහේන්ද්‍රන්ගේ විද්‍යුත් සන්නිවේදන උපකරණ පරික්ෂාවට අවසර

de silva Thursday, 27 July 2017 07:46 AM

මේ වගේ පුද්ගලයන්ට දෙන්න ඕනේ සෞදියේ දෙන දඬුවම්... අතපය කැපීම, ගල්ගසා මරාදැමීම වැනි දේවල් බඩ ගින්නට කොස් ගෙඩියක්, පොල් ගෙඩියක් හොරකම් කරන මනුෂ්‍යයෙකුගේ ක්‍රියාව තේරුම් ගන්න පුළුවන් වුණත්, ප්‍රකෝටිපතියන් වන මොවුන් කොටි ගනනින් ජනතා මුදල් සොරකම් කිරීම අනුමත කල නොහැක. ඉහත සඳහන් කල අසරණයන් කුදලා ගෙන ඇවිත් හිරේ දැම්මත් මෙච්චර සාක්ෂි තිබෙද්දීත් මොවුන් අත්අඩංගුවට නොගන්න එක ඉතා නින්දිතය.. සිංගප්පුරුවේ මෙවැනි දෙයක් කලා නම් මොහුට මෙලහකටත් මරණ දඩුවම දීලා...

:       0       0

SARATH Thursday, 27 July 2017 10:19 AM

මේ සියලු දේවල් හොයලා දඬුවම් කරන්න ඕනෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 680 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2350 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1728 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site