(මනෝප‍්‍රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ)
පර්පචුවල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂ අර්ජුන් ඇලෝසියස් මහතාගේ ජංගම දුරකතනයෙෙන් තත්පර 69කදී ලබාගත් උධෘත 8600ක් නීතීපති දෙපාර්තමෙන්තුව ලබා ගෙන ඇතැයි ඇලෝසියස් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද (04) බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.
නීතීපති දෙපාර්තමේන්තුව එලෙස තම සේවාදායකයාගේ ජංගම දුරකතනයෙන් ලබාගෙන ඇත්තේ එහි තිබු කෙටි පණිවුඩ සහ එම ජංගම දුරකතනයෙන් ලබාගත් හා එයට ලැබුණු දුරකතන ඇමතුම් පිළිබඳ විස්තර බවද ජනාධිපති නීතීඥ අනුජ පේ‍්‍රමරත්න මහතා වැඩිදුරටත් දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජනරාල් ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා කොමිසම ඇමතමින් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ සාක්කි විමසන විට ඔහුට අදාළ ජංගම දුරකතන විස්තර පිළිබඳ තොරතුරු අදාළ පාර්ශවකරුවන්ට ලබා දුන්නේ යැයි කීය.
ඒ අනුවම කටයුතු කරමින් මෙම කොමිසමේ සාක්කි දෙනු ලබන සාක්කිකරුවන්ට අදාළ ජංගම දුරකතන විස්තර පිළිබඳ තොරතුරු අදාළ අවස්ථාවලදී අදාළ පුද්ගලයින්ට ලබා දීමට කටයුතු කරන්නේ යැයි පැවසීය.
ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් කොමිසම මේ සම්බන්ධයෙන් අවශ්‍ය නියෝග ඉදිරියේදී ප‍්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
269
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
404
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
388
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අර්ජුන් ඇලෝසියස්ගේ දුරකතනයෙන් උධෘත 8600ක්