IMG-LOGO

අයහපත් කාලගුණය නිසා ඕමානයේ ගුවන් යානයක් මත්තලට

(සනත් ගමගේ)

කටුනායක ගුවන්තොටුපොලේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඕමානයේ සිට කටුනායකට පැමිණි ඕමාන් එයාර් ගුවන් යානය  ගුවන් මගීන් සමඟ අද (25) මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපලට ගොඩබැස්සවූ බව මත්තල  ජාත්‍යයන්තර  ගුවන් තොටුපල කළමණාකරු උපුල් කලංසූරිය මහතා කීය.



අදහස් (14)

අයහපත් කාලගුණය නිසා ඕමානයේ ගුවන් යානයක් මත්තලට

රොමේෂ් Wednesday, 25 April 2018 06:11 PM

සැලසුමක් නැති ඊනියා සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා හොඳම නිදසුනක් තමයි මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර ගුවන් තොටුපල. මෙයට යටකරපු සල්ලිවලින් කොයිතරම් ජනතාවාදී දේවල් කරන්න තිබුනද. ගුවන්තොටුපොළකට ගුවන්යානක් ආවම ඒකත් උණුසුම් පුවතක් වෙනවා කියන්නෙම සංවර්ධනයේ තියෙන ධුරදර්ශිභාවයේ හොඳකම තමයි.

:       4353       4354

nalinThursday, 26 April 2018 03:00 AM

කරුණකරලා මට කියන්න වෙන මොනවද කරන්න තිබුනේ නිකන් මෝඩයෙක් වගේ කියවන්න එපා ව්‍යාපාරය සම්පුර්ණේ දැන් වෙන්නේ මහින්දට බනින එක නෙවේ මත්තලට බිස්නස් ගෙන එක රනිල්ට එක කරගන්න බෑ එක නිසා බොරු කියල එක විකුනනවා තේරුම් ගන්න කුඩා අසාර්ථක කියල

:       5       13

piyalThursday, 26 April 2018 03:40 AM

රොමේෂ්, එහෙනම් ඒ ගුවන් යානය ඉන්දියාවේ ගොඩ බැස්සුවානම් හරිද ?

:       235       422

රවින් Thursday, 26 April 2018 12:36 AM

හප්පා වේලි වේලි ඉන්න මට අහල ගියත් කමක් නැහැ කිවලු.

:       577       430

indika Thursday, 26 April 2018 01:49 AM

රොමේෂ්, යහපලනෙන් වී ගබඩා කරපු එක කොහොමද? සනීපද? මත්තල නැත්නම් ඔය ගුවන් යානය බාන්න වෙන්නේ කොහෙද?

:       275       389

සමන් Thursday, 26 April 2018 02:06 AM

ඕනම පොඩි රටක උනත් අහස්‍ යානා සියගණනක් එනවා යනවා.

:       1       113

sudesh Thursday, 26 April 2018 02:58 AM

අනේ මන්දා බඩගින්නේ මැරෙන්න වෙන්නේග ඉතුරු වී ටිකත් ගෙනියයි.

:       61       13

Sathya Thursday, 26 April 2018 03:55 AM

රොමේෂ් ඔබගේ අදහසින් පෙනෙන්නේ ඔබගේ දේශපාලන වෛරයයි. බොහොමයක් ව්‍යාපාර සාර්ථක වන්න යම් කාලයක් අවශ්‍යයි. ඒ වගේම හැම ව්‍යාපාරයක්ම සාර්ථක වෙන්නෙත් නැහැ. අදිවේගී මාර්ග වලින් සමහර එක දවසට කෝටි ගණන් ලාබ ලබද්දී, තරුණයෝ පිරිසකට රැකියාත් හිමි වෙද්දී, මිනිස්සුන්ගේ කාලයත් ඉතිරි වෙද්දී ඔයාල වගේ අය කුහකකම නිසා නොදැක්ක වගේ ඉන්නවා. හැබැයි මේ වගේ දෙයක් දැක්කම උඩ පැන පැන තලනවා. නාස්තිය ගැන කතා කරන ඔයා දන්නවද එක මන්ත්‍රීවරයෙක් මාසෙකට ඉන්ධන ලෙස කොපමණ මුදලක් පුච්චා හරිනවද කියලා?උපදේශකයෝ, සම්බන්ධීකාරකවරු කාර්ය මණ්ඩල කියල මහජන මුදල් කොපමණ නාස්ති කරනවද කියලා?

:       555       644

vernonThursday, 26 April 2018 06:30 AM

සත්‍යා, අන්න ඒ කාලය මොකක්ද? මේ ගුවන් තො‍ටුපළ හදන්න කලින් කරපු ශක්‍යතා අධ්‍යයන වාර්තාව කුරුල්ලො එන්නෙ නැති වෙලාවලට ගුවන් යානා බාන්න යෝජනා කරලා තියෙනවා. එතකොට ගුවන් යානා බාන්න මුලින්ම කුරුල්ලො එලවන්න ඕන. අදටත් ගියොත් බලන්න පුළුවන් මේ ආසන්නයේ පාර්වල වල් අලි තර්ජන තිබේ කියලා බෝඩ් තියෙනවා. මේ අන්තර්ජාතික ගුවන්තො‍ටුපළක වෙන දේවල්ද? ඒ වගේම පාරිසරික අධ්‍යයන වාර්තා වලින් ප්‍රතික්ෂේප වෙලා තියෙනවා. මේ ගුවන් තො‍ටුපළේ නෙවෙයි එහේ ගබඩා සංකීර්ණ වලයි වී ගබඩා කරේ. දැන් එතකොට දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ගබඩා වල වෙනත් බඩු ගබඩා කරාම දුම්රිය නවත්වන්නේ නෑනේ. කලින් ගුවන් යානා අයහපත් කාලගුණය කියලා මත්තලට බෑවාම එම සමාගම්, මත්තල ගුණාත්මක බව ප්‍රශ්න කරලා කාටවත් බහින්න දුන්නේ නෑ.

:       0       0

රොමේෂ් Thursday, 26 April 2018 12:37 PM

මගේ දේශපාලන වෛරයක් ගැන කතාකරන යාමෙන් එලියට පනින්නේ ඔබගේ දේශපාලනික "වහල්භාවය" මිසක් වෙන කිසිවක් නොවෙයි. අපේ රටට තවම දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපලක අවශ්‍යතාවයක් නැහැ. මේ සඳහා වැයකළ ණය මුදල් වෙනුවෙන් ගෙවීමට සිදුවන පොළියෙන් එක දශමයක් තරම්වත් පිරිවැයක් දැරීමට සිදුවෙන්නේ නැහැ ඉතාමත් කලාතුරකින් සිදුවන හදිසි අවස්ථාවකදී ඉන්දියානු ගුවන්තොටුපොළක් භාවිතා කිරීම සඳහා. කෙසේවෙතත් තව අවුරුදු ගානකින් සැබවින්ම දෙවැනි අන්තර්ජාතික ගුවන් තොටුපලක අවශ්‍යතාවය දැනෙද්දී මේකේ පළමු අලුත්වැඩියා කාලය ආරම්භ වෙනවා. එතකොට මේ තියෙන තාක්ෂණය යල්පැනලා. ගොඩනැගු ආකාරය සම්බන්ධව විවේචන තිබුනත් අධිවේගී මාර්ග, හම්බන්තොට වරාය, නෙලුම් පොකුණ ඉතාමත් කාලෝචිත ව්‍යාපෘති.

:       120       120

rama Thursday, 26 April 2018 04:02 AM

මේක එයාර්පොර්ට් එකේ වරද නොවේ ඒවාට ගෙන්න ගන්න උවමනාවක් නැතිකම. කටුනායක ට බැරි වුනොත් විතරයි යන්නේ.

:       205       231

Wasantha Jayasinghe Thursday, 26 April 2018 04:37 AM

මේක අපේ සම්පතක් රටක් දියුණුවට අවශ්‍ය දෙයක්.

:       40       119

kamal Thursday, 26 April 2018 07:15 AM

මේකේ යහපත් කාලගුණික තත්වයකදී ගුවන් යානා බස්සවන්න බැරි ඇයි?

:       0       3

Kumarasiri Fujaira Thursday, 26 April 2018 07:57 AM

මෙය හම්බන්තොට නොව හදන්න තිබුනේ ත්‍රිකුණාමලයේ , උතුරු නැගෙනහිර බොහොමයක් අය විදේශගත නිසා ගුවන් යානා බොහොමයක් ගෙන්න ගන්න තිබුනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1197 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site