(ඉන්දිකා රාමනායක)
මෙක්සිකෝවේ සිට මෙරටට ඒවා තිබු රුපියල් ලක්ෂ 50 ට අධික වටිනා අයිස් නැමැති මත්ද්‍රව්‍ය පාර්සලයක් සමඟ සැකකරුවකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය පවසයි.
ප්ලාස්ටික් උපකරණයක මෙම මත්ද්‍රව්‍ය සුක්ෂම ලෙස අසුරා තිබු බවත් එම පාර්සලයේ අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 502 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
මීට දින කිහිපයකට පෙර මෙම පාර්සලය කොටුව මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණ ඇති බවද පොලිසිය පවසයි.
මෙම සැකකට යුතු පාර්සලය සම්බන්ධයෙන් ඇති වු සැකයක් මත එම පාර්සල රේගු නිලධාරීන් බාරයට ගෙන ඇති අතර ඊයේ (11) සවස මෙම පාර්සලය මුදා ගැනීමට සැකකරු පැමිණ සිටියදී ඔහු අත්අඩංගුවට පත්ව ඇත.
නිලධාරීන් සැකකරු ඉදිරියේ මෙම පාර්සලය දිග හැරීමේ දී එහි අයිස් මත්ද්‍රව්‍ය ග‍්‍රෑම් 502 ක ප‍්‍රමාණයක් තිබී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු පන්නිපිටිය පැලන්වත්ත ප‍්‍රදේශයේ පදිංචි (29) හැවිරිදි පුද්ගලයකු බවත් ඔහුගේ නමට මෙක්සිකෝවේ සිට එවා තිබු බවද පොලිසිය පවසයි.
සැකකරු මාලිගාකන්ද අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 16
62
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
858
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
614
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
‘අයිස්‘ සමඟ අයෙක් මධ්‍යම තැපැල් හුවමාරුවේදී අල්ලයි