ලිබියාවේ සිටින අයි.එස්.අයි.එස් ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාව හරහා යැවූ බව කියන ට්‍රැමඩෝල් නැමැති වේදනා නාශක පෙති මිලියන 37ක් ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ‘‘ද ටයිම්ස් ඔෆ් ලන්ඩන් ‘‘ පුවත්සේවය වාර්තා කරයි.
ඉන්දියානු ඖෂධ සමාගමක් විසින් ලිබියාවට යවා තිබූ එම වේදනා නාශක පෙති තොගයේ වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 75 ක් බවද වාර්තා වෙයි.
මෙම වේදනා නාශක පෙති තොගය සීත කබා සහ හිස ගල්වන ෂැම්පු වර්ගයක් ලෙසින් ව්‍යජ ලෙසින් සඳහන් කර ඉතාලියේ ජෙනෝවා වරායේ බහාලුම් තුනක සඟවා තිබියදී ඉතාලි පොලිසීය විසින් සොයා ගනු ලැබිණි.
වෙළෙඳ වාසි ලබාගැනීම සඳහා සහ ලිබියාවේ ටොබෘක් සහ මිසරාටා ප්‍රෙද්ශයේ සිටින අයි.එස් සටන්කාමීන්ගේ ප්‍රයෝජනය සඳහා මෙම පෙති ගෙන්වා ඇතැයිද පොලීසිය හෙළිදරව් කරගෙන තිබේ.
එම සමාගම විසින් මෙම තොගය ඇමෙරිකානු ඩොලර් මිලියන 250,000ට අලෙවි කර ඇති බවත්, ඩුබායි කේන්ද්‍ර කරගත් ආනයනකරුවකු විසින් මෙම පෙති තොගය ඇණවුම් කර ඇති බවත් අනාවරණයවී ඇත.
ඉන්පසුව ශ්‍රී ලංකාව හරහා මෙම වේදනා නාශක පෙති තොගය ගෙන්වා ඇති බවත් ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කර ඇති බවත් හෙළි වී ඇත.
- 125
COMMENTS
සල්ලිවලට ජාතියම පාව දෙනවනේ..
තවත් ඉතින් මේ මුස්ලිම් අන්තවාදීන්ට රට ඇතුළේ නිදහසේ ක්‍රියා කරන්න දුන්නොත් අන්තර්ජාතිකව විතරක් නෙවේ... අපේ රට ඇතුළෙත් මහා විනාශයක් කරනවා ළඟදීම...
පිටරටවල එහෙම වුණාට ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. ලංකාවේ අය පගාව ගන්නේ නැහැ. ලියකියවිලි අතුරු දහන් වෙන්නෙ නෑ.
කවුද කියන්නේ ලංකාවේ නැගෙනහිර පැත්තේ අයි.එස්.අයි.එස්. ලා ඉන්නවා කියල. බොරුනේ නේද ?
අැයි ශ්‍රී ලංකාව හරහා කියල විතරක් කියන්නේ? ශ්‍රී ලංකාව සහ ඉතාලිය හරහා නේද ගෙනියන්න හදලා තියෙන්නේ?
ඔය එන්නේ ටික ටික.... මුස්ලිම් අන්තවාදී අයගේ වැඩ වලට අපේ රට නම ගෑවෙන එක!
"ශ්‍රී ලංකාවේදී මෙම තොගයට අදාළ නිල ලියකියවිලි අතුරුදහන් කර ඇති බවත් හෙළි වී ඇත." සන්හිඳියාවට බාධා වෙන නිසයි අතුරුදහන් කරලා තියෙන්නේ. කවට මිනිසුන් රජ උනාම ඔහොම තමයි.
ලංකාවේදී ඉතින් ඕව කෙරෙන්නේ දේශපාලකයින්ගේ අනුදැනුම ඇතුව තමා, ඩොලර් මිලියන 250,000 කින් කොමිස් කුට්ටියක් කියන්නේ ලේසි පහසු සෙල්ලමක් නෙවේනේ!!!
ඕනෑම කෙනෙකුට බෙහෙත් ප්‍රතිකාර කිරීම, සංග්‍රහ කිරීම ශ්‍රී ලාංකික සම්ප්‍රදායක්...
මේක සාමාන්‍ය දෙයක්.... ඉන්දියාවේ බොහෝ බහාලුම් ලංකාව (කොළඹ වරාය) හරහා යවන්නේ සමහර නැව් ඉන්දියාවේ වරායන්ට නොයන නිසා....හැම බහාලුමක් ම පරික්ෂා කිරීම ප්‍රයෝගික නැහැ.