නිමල කොඩිතුවක්කු
මෙවර අයවැය පරාජය කිරිමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක මහතා කොළඹදී අද(04) පැවසීය.
ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම්, දෙමළ ජාතික සන්ධානය සහ සෙසු පක්ෂ සමග සාකච්චා ආරම්භ කර ඇතැයිද දිසානායක මහතා කියා සිටියේය.
ආණ්ඩුවෙන් ඉවත්වූ 16 කණ්ඩායම පුංචි බොරැල්ලේ පිහිටි නිදහස් මාධ්‍ය කේන්ද්‍රයේ පැවත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.
අග‍්‍රාමාතය රනිල් වික‍්‍රමසිංහ මහතාට සහ මංගල සමරවීර මහතාට ගොඩ නැගීමට නොහැකි වූ ආර්ථිකය ගොඩ නැගීමට ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයට සැළසුම් ඇති බවද දිසානායක මහතා එහිදී සඳහන් කළේය.
ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන්ට අලූත් ආණ්ඩුවක් සඳහා ආරාධනා කර සිටින බවද එස්. බි දිසානායක මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
ඔබ පාර්ලිමේන්තුවට ආවේ පිනට නේද? ඉතින් කොහොමද ඔය තරම් දේවල් කරන්නේ!
ඔයා ජනතාව ප්‍රතික්ෂේප කළ කෙනෙක් ............. කයිවාරු ගැහුවාට ඡන්දෙන් පරාද වුණ කෙනෙක්... එහෙම කෙනෙක් කොහොමද ජනතාවගේ ඡන්දයෙන් පත්වූ රජයක් පරාජය කරන්නේ......
හීන දකින්න කාටත් අයිතියක් තියෙනවා. මේකත් ඉතින් අගමැති පරද්දපු විදිහටම කෙලවර වෙයි. ඒ උනාට අයවැයෙන් පස්සේ දෙන " වොයිස් කට් " තමයි ඉතාම රසවත් වෙන්නේ.
කරන්න පුළුවන් මගුලක් කතා කරන්න හලෝ..
මේ ගොල්ලෝ හිටපු ගමන් දකින හීනවලින් මිදී, අවදිවෙලා බෙරිහන් දෙනවා. මැතිවරණවලට තව කල් තිබෙනවා. තව පොඩ්ඩක් නිදා ගන්න. වේලාව ආවම අවදි කරන්නම්.
හොර දේශපාලකයන් ඡන්දෙනුත් පැරදිලා ලිස්ට් එකෙන් පාර්ලිමේන්තු රිංගගෙන එහාට මෙහාට පැන පැන මහජන මුදල් ගසා කකා රට අස්ථාවර කරන එකයි කරන්නේ.
ඔව් පරාජය කර කර ඉන්න , අපි බදු ගෙව ගෙවා ඉන්නම් , ඔය ඇත්තන්ට සහ පව්ලේ උදවියට සැපවත් ජීවිතයක් ගත කරන්න .
අනේ පින් මන්තිරි තුමෝ ඔබ තුමා ගෙම්බෙක් වගේ ඒ පැත්තට මේ පැත්තට පැන පැන ඉන්න කෙනෙක් ඔබ තුමා කියන දේවල් මිනිස්සු ගණන් ගන්නේ නැහැ.
පින් මන්ත්‍රී, නිකම් කහින්නේ නැතුව ඉන්නවා.
හොඳ වැඩේ... අහක ඉන්න නයි රෙද්ද අස්සේ දාගත්තට... ගෙදර ඇරපු අය ගෙදර තියන්නේ නැතුව....