(ඉන්දිකා රාමනායක)
අඹේපුස්ස යුද හමුදා කඳවුරේ රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබළකු තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර ඔහු බාරයේ තිබු ටී 56 ගිනි අවිය පැහැරගත් සැකකරුවන් දෙදෙනකු අද (26) අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු අඹේපුස්ස හමුදා කදවුරේම රාජකාරි කරන සෙබළුන් දෙදෙනෙකි. මින් එක් සෙබළෙක් කඳවුර තුළදීත් සෙසු සෙබළා නාරම්මල පිහිටි ඔහුගේ නිවසේදීත් අත්අඩංගුවට ගෙන ඇත.
සෙබළාගෙන් පැහැරගත් ගනි අවිය ප‍්‍රධාන සැකකරුවන සෙබළාගේ නාරම්මල ඔහුගේ මියගිය සොහොයුරාගේ සොහොනේ සගවා තිබීයදී සොයාගෙන ඇත. සෙබළා ඝාතනය කළ තියුනු ආයුධයක ළිදක තිබී සොයාගත් බව පොලිසිය කියයි.
ඉකුත් 21 දින අලුයම මෙම ඝාතනය සිදුකර ඇති අතර ඝාතනයට ලක්ව ඇත්තේ බුළත්කොහුපිටියේ පදිංචි ඩබ්ලිව් එම් එම් එන් එස් ජයසේන (21) නැමැති සෙබළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd