IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


අමාත්‍යංශ නියෝගයෙන් විදුහල්පතිවරු දෙලොවක් අතර

 (ශිරාන් රණසිංහ)

කුලියාපිටිය ප්‍රධාන පාසලක මේ දිනවල පවත්වන අධ්‍යාපන ප්‍රදර්ශනයකට පාසල් දරුවන් අනිවාර්යයෙන්ම සහභාගී කරවන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

පාසල් සංවර්ධන අරමුදලේ ඇති මුදල් ලබාගෙන එම මුදල් වලින් බස්වලට කුලී ගෙවා දරුවන්ව එම ප්‍රදර්ශනයට අනිවාර්යයෙන් සහභාගී කරවන ලෙසට අධ්‍යාපන අමාත්‍යංශය කර ඇති දැනුම්දීම නිසා විදුහල්පතිවරු තීරණයක් ගත නොහැකිව සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.

නයින්ටීන් ප්ලස් (19+) ලෙස මෙම ප්‍රදර්ශනය නම්කර ඇති අතර බස්නාහිර, සබරගමු, මධ්‍යම, වයඹ‍, ඌව යන පළාත්වල පාසල් වල සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ව අනිවාර්යයෙන්ම මෙම ප්‍රදර්ශනයට සහභාගී කරවන ලෙස දැනුම් දී ඇතැයිද ස්ටාලින් මහතා කියා සිටී. 


මෙම ප්‍රදර්ශනය ඊයේ (03) ආරම්භ වූ අතර 07 වැනිදා නිමාවට පත්වේ.

 



අදහස් (2)

අමාත්‍යංශ නියෝගයෙන් විදුහල්පතිවරු දෙලොවක් අතර

td Thursday, 04 October 2018 11:00 AM

අධ්‍යාපන රැකියා ප්‍රදර්ශනයට සහභාගීත්වය අනිවාර්ය කළද, නොකළද ඒ සඳහා පාසල් සිසුන් උද්යෝගිමත් කිරීම දෙමාපියන්ගේ, ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ වගකීමක් මෙන්ම යුතුකමකි. අද වර්තමාන ජාතික රජයේ අගමැතිවරයා එදා මෙන්ම අදත් පාසල් අධ්‍යාපනයට මුල් තැනක් දෙන, පාසල් අධ්‍යාපනයට නව යුගයට සරිලන ආකාරයට සකස් කර ඇතිබව පෙනේ. අධ්‍යාපනය යනු රටක තිබෙන ශක්තියයි. රට සංවර්ධනය කරා ගෙනයන්නට නම් ලෝකයේ දියුණු ප්‍රබල රටවල් සමග එක්ව සිටීමට නම් අධ්‍යාපනය අත්‍යාවශ්‍යයි. ලෝකයේ දියුණු රටවල මැනවින් අත්හදා වැඩිදියුණු කරන ලද තාක්ෂණ අධ්‍යාපනය ලංකාවේ පාසල් සිසුන්ට ලබාදීමේ කිසිම වරදක් නැත. උසස් අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ගෙන් සියලුදෙනා විශ්ව විද්‍යාල කරා යන්නේ නැත. ලංකාවේ විශ්වවිද්‍යාල පමණක් තිබෙන ලෝකයේ කොහේවත් නැති අමානුෂික මාෆියා සමග සටන් වැදීමට පවා සිසුන්ට සිදුව තිබේ. විශ්ව විද්‍යාලවලට වරම් නොලබන බොහෝ සිසුන්ට ඔවුන්ගේ දක්ෂතා මත ලොව පිළිගත් තාක්ෂණවේදියකු වී තමන්ගේම රැකියාවක්, විදේශ රැකියාවකට යාමට අවස්ථාව නව රජය යටතේ උදාකර දි තිබේ.

:       0       0

රවින් Thursday, 04 October 2018 12:55 PM

ඔය කට්ටිය කෑ ගැහැව්වට අද තරුණ පරපුර පාසල නිමවී කරන්නේ මොකක්ද කියලා දන්නේ නැතිව ඉන්නේ. ත්‍රිවිල් රස්සාව තමා ලෙහෙසියෙන්ම කරන්න පුලුවන්. මොකක් හරි තාක්ෂණයක් ඉගෙන ගත්තොත් ලෝකයේ කොහේ ගියත් ආදායම 100% සහතිකයි. ගුරු සංගමේ ළමයින්ගේ ටියුෂන් ගැන මොකද කියන්නේ?. තාක්ෂණ පැත්තට ගියොත් ටියුෂන් කාරයින්ට බඩේ පහර වදියි කියලද බය? ළමයින්ගේ සංවර්ධනය කියන්නේ රටේ සංවර්ධනය. යහපත් ආදී ශිෂයින් කීදෙනෙක් තමා ඉගෙන ගත්තු පාසලේ සංවර්ධනයට දායකවෙනවාද? කොපමණ උපකාර කරනවාද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 32 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 146 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 993 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site