කොළඹදීය (ඒ.එෆ්.පී)
මාලදිවයිනේ ජනාධිපති අබ්දුල්ලා යමීන් තමන් පරාජය පිළිගන්නා බව අද (24) පස්වරුවේ ප්‍රකාශ කළේය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී පැය කිහිපයක් යනතුරුත් අබ්දුල්ලා යමීන් හෝ ඔහුගේ ‘මාලදිවයින් ප්‍රගතිශීලි පක්ෂය (පී.පී.එම්)’ කිසිදු නිල ප්‍රකාශයක් නොකළ හෙයින් නව දේශපාලන අර්බුදයක් ඇතිවනු ඇතැයි බියක් හටගෙන තිබිණි.
විපක්ෂ ක්‍රියාකාරීන් අත්අඩංගුවට ගනිමින් මාධ්‍ය මර්දනය කරමින් අබ්දුල්ලා යමීන් ගෙන ගිය පාලනය නිසා ඔහු ජනාධිපතිවරණය ජයගනු ඇතැයි මතයක් පැවැතුණි. එමෙන්ම ඔහු ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවද බලය අත් නොහරිනු ඇතැයි ද ඇතැම් පිරිස් පැවැසූහ.
“මාලදිවයිනේ ජනතාව ඔවුන්ට අවශ්‍ය කුමක්දැයි තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරණයේ ප්‍රතිඵල මා පිළිගන්නවා” යැයි අබ්දුල්ලා යමීන් පැවැසීය. ඔහුගේ කතාව එරට රූපවාහිනි නාලිකා ඔස්සේ විකාශය කෙරුණි.
ඒකාබද්ධ විපක්ෂයේ අපේක්ෂකයා වූ ඊබ්‍රහිම් මොහමෙද් සෝලි ලැබූ අනපේක්ෂිත ජයග්‍රහණයෙන් පැය කිහිපයකට පසු ජනතාව අමතමින් අබ්දුල්ලා යමීන් කීය.
“අද උදේ මම ඊබ්‍රහිම් මොහමෙද් සෝලි හම්බ වුණා. ඔහු මාලදිවයිනේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ඡන්දයෙන් තේරී පත් වී තිබෙනවා. මම ඔහුට සුබ පැතුවා” යැයි යමීන් කීවේය.
නොවැම්බර් 17 වැනිදා තමන් සාමකාමීව හා සුමටව බලය හුවමාරු කරන බව ද හෙතෙම පැවැසීය. දූපත් 1,200කින් සමන්විත මාලදිවයින එහි තිබෙන වෙරළ තීර නිසා විදෙස් සංචාරකයන් අතර ප්‍රචලිතය.
විපක්ෂයේ අපේක්ෂක සෝලිගේ ජයග්‍රහණය බොහෝ දෙනා පුදුමයට පත් කළහ. යමීන්ගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදීන්ගෙන් වැඩි දෙනා සිර දඬුවම් විඳීමත් අනෙක් පිරිස රටෙන් පිටවීමත් තවත් බොහෝ දෙනා රටෙන් පිටුවහල් කර තිබීමත් ඊට හේතු විය. එමෙන්ම විපක්ෂය පිළිබඳව වාර්තා කිරීමද වාරණයට ලක්ව තිබූ අතර දැඩි මාධ්‍ය මර්දනයක් ද දියත් විණි. මැතිවරණ නිරීක්ෂණ කටයුතු-වලට ඉඩක් නොවීය. මේ නිසා මැතිවරණ අක්‍රමිකතා සිදුවනු ඇතැයි විපක්ෂය බිය පළ කළේය.
වසර 2013 අත් දැකීම නිසා යමීන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය පිළිනොගනු ඇතැයි මතයක් ද පැවැතුණි.
මැතිවරණ කොමිසම අද නිකුත් කරන ලද ප්‍රතිඵලවලට අනුව අබ්දුල්ලා යමීන්ට හිමි කරගැනීමට හැකිවූයේ ඡන්ද ප්‍රතිඵලවලින් සියයට 41.7ක් පමණි. ඒ අතරවාරයේදී සෝලි සියයට 58.3ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කරගත්තේය.
මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම සියයට 90ක ප්‍රතිශතයක පැවැතුණු අතර බොහෝ ස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැය පහක් තරම් දිගු පෝලීම් තිබූ බව ද වාර්තා විය.
මැතිවරණ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු මාලදිවයිනේ තත්ත්වය සාමකාමී විය.
කලාපයේ සුපිරි බලවතා වන ඉන්දියාව ඊබ්‍රහිම් මොහමෙද් සෝලිගේ ජයග්‍රහණය ප්‍රජාතන්ත්‍රවාදී බලවේගවල විජයග්‍රහණයක් යැයි සඳහන් කළේය. එහෙත් චීනය අද (24) පස්වරුව වනතුරුත් කිසිදු ප්‍රකාශයක් කර නොතිබිණි. අද එරට රජයේ නිවාඩු දිනයක් වීම ද එයට හේතුවක් වන්නට ඇත.
පශ්චාත් මැතිවරණ සමයේදී මාලදිවයිනේ මාධ්‍ය දැඩි මර්දනයකට නතු වීමේ වැඩි ඉඩ කඩක් තිබූ නමුත් දේශීයව හා විදේශීය එල්ල වූ දැඩි පීඩනය නිසා අබ්දුල්ලා යමීන්ගේ පාලනයට මාධ්‍ය මර්දනයට ලක් කිරීමට ඉඩක් නොවීය.
ස්වාධීන ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයන් බොහෝමයකට මැතිවරණ නිරීක්ෂණ කටයුතුවල නිතර වීම තහනම් කර තිබූ අතර ජනාධිපතිවරණය ආවරණය කිරීමට ඉඩ ලැබුණේ විදෙස් මාධ්‍ය කිහිපයකට පමණි.
බොහෝමයක් විදෙස් වාර්තාකරුවන්ට මාලදිවයිනට පැමිණීමට වීසා නොලැබුණු බව ද වාර්තා විය.
දේශීයව සහ විදේශී සිවිල් සංවිධාන, මාධ්‍ය යනාදියට ස්තූතිවන්ත වන්නට යමීන්ගේ ආධාරකරුවන්ට මහ පරිමාණයෙන් කිසිවක් කිරීමට ඉඩ නොලැබුණේ යැයි විදෙස් නිරීක්ෂකයෝ කීහ.
“විශාල පීඩනයක් තිබුණා. ඒ නිසා ඔවුන් ඔවුන්ගේ සැලසුම් අත්හැර දැමුවා” යැයි නිදහස් මැතිවරණ සඳහා වූ ආසියානු ජාලයේ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.
055


2025 නොවැම්බර් මස 17
55
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
889
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2519
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අබ්දුල්ලා යමීන් පරාජය පිළිගනී - අලුත් ජනපතිට සුබ පතයි
රොෂාන් Tuesday, 25 September 2018 06:46 AM
මෙයත් ගෙදර ගිහිං ජනේල්ලේ එල්ලිලා අරයා මාව පැරද්දුවා මෙයා මාව පැරද්දුවා කියා කියා නහයෙන් අඬයිද දන්නේ නෑ
kap Tuesday, 25 September 2018 09:35 AM
ඔන්න දෑන් ගෙදර ගිහින් ජනෙල් පොලුවල එල්ලිලා අඩන්න බෑ හොදේ