IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


අ‘පුර හෙද විදුහලේ විදුහල්පතිනියගෙන් අමුතු පාලනයක්

(උපාලි ආනන්ද)
අනුරාධපුර හෙද විදුහලේ විදුහල්පතිනිය විවිධ බලපෑම් කරමින් සිටීම නිසා තමන් දැඩි පීඩනයකට මෙන්ම අපහසුතාවයට පත්ව සිටින බව එම එහි හෙද සිසුවියෝ පවසති. 
සිසු හෙද සිසුවියන්ට  අවශ්‍ය  නිල ඇදුමි මැසීමේදි සිසුවියන්ට කැමති අවම මිල ගණන් ඇති සුදුසු ස්ථානයකින් ඒවා මසා ගැනීමට ඉඩ නොදෙන බවත් විදුහල්පතිනිය නම් කරනු ලබන ස්ථානයෙන්ම නිල ඇඳුම් මැසීම අනිවාර්ය කර ඇති බවත් හෙද සිසුවියෝ කියති.
එමෙන්ම හෙද පාඨමාලාවේ විෂය ධාරාවන්ට අදාල තොරතුරු ඇතුළත් මුද්‍රිත පොත් තමන් කැමති අඩු මිල ගණන් සහිත  පොත් සාප්පු වලින් ලබා ගැනිමටද ඉඩ නොදෙන  බවත් ඇය නියම කරනු ලබන ආයතනයෙන්ම  එම පොත් මිලදී ගන්නා ලෙසට තමන්ට දැඩිව බලපෑම් කරන බවත් ඔවුහු කියා සිටිති.
හෙද පාඨමාලා අවසන් කර විදුහලෙන් නික්ම ගිය පැරණි හෙද සිසුවියන්ගෙන්  පාඨමාලාවලට අදාල මුද්‍රිත පොත් ලබා ගෙන ඇති ආර්ථික අපහසුතාව ඇති නවක සිසුවියන්ට පැරණි පොත්  තිබියදී එවැනිම පොත් නැවත තමන් කියන ස්ථානයෙන් අලූතින් මිලදී ගන්නා ලෙසට ද  විදුහල්පතිනිය බලපෑම් කරන බව වාර්තා වේ.
ඇය විසින් නම් කරනු ලබන රක්ෂණ ආයතනයකින් ජීවිත රක්ෂණයක්  ලබා ගැනිමත්  තමන් නම් කරන බැංකුවක ගිණුමක් විවෘත කිරිමත් හෙද සිසුවියන්ට අනිවාර්ය කර ඇති බවද ඇයට එල්ලවන තවත් චෝදනාවකි. 
විදුහල්පතිනිය  නියම කරනු ලබන එක් කාර්යයක්  හෝ පැහැර හැරියහොත් තමන්ට විවිධ දේ කියමින් දැඩි කෝපයෙන් පසුවන බවටත් සිසුවියෝ චෝදනා කරති.
හෙද  සිසුවියන් එල්ල කරන මෙම චෝදනා සම්බන්ධයෙන් කළ විමසුමකට ප‍්‍රතිචාර දක්වමින් අනුරාධපුර හෙද විදුහලේ විදුහල්පතිනි  ඩබ්. ඒ. කුසුමාවති ජයතිලක මහත්මිය ප්‍රකාශ කළේ සියලූ  චෝදනා තමන් ප‍්‍රතික්ෂේප කරන බවයි.  නිල ඇඳුම් වල අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරදි කර ගන්නා ලෙසට පමණක්  තමන් ඔවුනට අවවාද කරන බවත් ජීවිත නැති කර ගැනීමට ගිය සිසුවියන්ගේ ජීවිත බේරා ගත්තේද තමන් බවත් ඇය කීවාය.



අදහස් (4)

අ‘පුර හෙද විදුහලේ විදුහල්පතිනියගෙන් අමුතු පාලනයක්

hesa Monday, 04 December 2017 08:45 PM

කවුද ඇත්ත කියන්නේ

:       0       0

nalin Monday, 04 December 2017 11:44 PM

හෙද විදුහලේ විදුහල්පතිනියගෙන් විතරක් නෙමෙයි අප දන්නා බොහෝ හෙදියන්ගේද ඇත්තේ අමුතු පාලන තමයි. අසරණ ලෙඩුන්ට කාරුනිකව සහ ගෞරවාන්විතව කතා කරන්න සළකන්න තව දුරටත් අපේ රටේ හෙදියන් පුරුදු කල යුතුයි. රෝහල් වල දරදඩු නොනැමෙන සුළු පාලනය ඔවුන් නිවෙස් වලටද රැගෙන එනවා. මේ නිසා හෙදියන්ගේ මානසික තත්වය යහපත් කිරිමට, පවුල් උපදේශන, පැවැත්විම සහ දැනට සේවය කරනා හෙදියන්ගේ මානාසික සෞඛ්‍ය වාර්ථාවක් යනාදිය ගෙන සොයාබලා අසරන ලෙඩුන්ට සේවය කරවනිමට යොදවනවානම් වඩාත් හොදයි.

:       0       170

sampath Tuesday, 05 December 2017 06:36 AM

මේවගේ දේවල් ගොඩක් ආයතනවල වෙනවා පාසල්වලත් එහෙමයි නැතිනම් ඉතා කුඩා හෝ අතපසුවීම් බලල එහෙම නැත්නම් කෘත්‍රිමව හරි වැරැද්දක් පටවල ඔවුන්ගේ අනාගතයම විනාස කරන්න වැඩ කරනවා. මේවා ගැන හරි හැටි සොයා නොබැලුවොත් රටේ අනාගතය ඉතාමත්ම අදුරුයි.

:       0       23

rohan Tuesday, 05 December 2017 08:38 AM

කරනවා හොදටම පැහැදිලි මේ විදුහල්පතිනියට මේ කියන ආයතනවලින් හොද කොමිස් එකක ලැබෙනවා ඒයික තම මේ බලපෑම්, මේ සිද්දිය සමහර පාසල්වලද වෙනවා නමුත් කිසිවෙක් කතා කරන්නේ නැහැ මේවා හරිම අසාධාරණ වැඩ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 615 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site