(දයාරත්න ඇඹෝගම)
රජයේ නිර්දේශය මත අනුරාධපුර මැදි විදුහලේ සාපෙළ අසමත් සිසුන් සඳහා පවත්වා ගෙන යන ද්විතියක අධ්‍යාපනය හැදැරිමේ (ස්මාට්) පංති ඉවත් කරන ලෙස ඉල්ලා ආදි සිසුන් සහ දෙමාපියෝ අද (25) අනුරාධපුර මැදි විදුහල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වෙති.
මෙම උද්ඝෝෂණයට එක්වු අනුරාධපුර මැදි විදුහලේ ආදි සිසු සංගමයේ ලේකම් දිමුතු චින්තක දේවප්‍රිය මහතා මෙසේ පැවසිය.
සි.ඩබ්.ඩබ්.කන්නන්ගර මහතා විසින් පිහිටවු මැදි විදුහල් 54 න් එකක් තමයි අනුරාධපුර මැදි විදුහල. මෙම විද්‍යාලයට ඇතුළත් වන්නේ ශිෂ්‍යත්වය සමත් සිසුන්. ඒ වාගේ අපොස සාමන්‍ය පෙළ උසස් පෙළ ඉහලින්ම සමත් සිසුන්.
එසේ තිබියදි සාමාන්‍ය පෙළ අසමත් සිසුන්. එසේම ඔවුන් විනය විරෝධී ආකාරයටත් හැසිරෙනවා.මේ නිසා පාසලේ විනය පිරිහිලා තිබෙනවා. එම නිසා මෙම ස්මාට් පංති වෙනත් ස්ථානයක පිහිටුවන ලෙස ඉල්ලා සිටිනවා.



COMMENTS
අැයි අනික් ළමයි ඉගෙන ගන්න හොද නැද්ද. පාසල තිබිය යුත්තේ අදක්ෂ ළමයා ගොඩ දැමීමට මිස දක්ෂ අයට පමණක් ගොඩ යෑමට නොව. දක්ෂ ළමයා ගෙදර හිටියත් ඉගෙන ගන්නවා. අභිමානය විතරක් තිබුණාම හරිද. කන්නංගර මහතා හිටියානම් දිවි නහගන්නවා
අභිමානය රැක ගන්න පන්ති නැවැත්විය යුතුද?
පාසැල් තියෙන්නේ එක එක්කෙනාගේ අභිමානය පෙන්වන්න නෙවෙයි ළමයින්ට යහ මඟ පෙන්වන්න, උගන්වන්න. සාමාන්‍ය පෙළ අසමත් වූ පමණින් සිසුවෙකු විනය විරෝධී වැඩ කරන්නෙ නෑ. පාසලේ විනය බලන්න තමයි විදුහල්පති කෙනෙක් ඉන්නේ. මේ දේ දැක්කා නම් කන්නන්ගර මහත්තයා ආයෙමත් මැරෙනවා.
අනේ මේ වගේ මෝඩයෝ ඉන්න රටක්. ඔය වගේ දේවල් වලට අල්ලගෙන පිකටින් කරනවනම් මේ රට කිසි දවසක ගොඩ ගත නොහැකිය
උගත් අබුධිමතුන් බහුතරක් බිහිවෙනවා යැයි කන්නන්ගර මහතා සිහිනෙන්වත් දුටුවානම්......
ඔයාල දන්නේ නැද්ද ස්මාර්ට් පන්තිය කියන වැඩසටහන අධ්‍යාපනය වනසන තවත් මෝඩ වැඩසටහනක් කියල..... ලොක්කන්ගේ බෝර්ඩ් මීටින් රැස්වීම් වලින් ගත්තු මෙලෝ රහක් නැති වැඩසටහනක්....
සාමාන්‍ය පෙළ සමත් මෙන්ම අසමත් සිසුන්ටත් වැඩිදුර අධ්‍යාපනය ලබා ගැනීමට සැලසීම හොඳ දෙයක්. නමුත්, මෙහි ඇති තවත් පැතිකඩක් විය හැක්කේ, අධ්‍යාපනයට එතරම් උනන්දුවක් නොදක්වන සිසුන් කිහිපදෙනෙක් විසින්, මුළු පාසලේම විනය බිඳ දමමින්, අන් සියලු සිසුන්ගේ ඉගෙනීම් කටයුතු කඩාකප්පල් කිරීමට තැත් කිරීමයි. එවැනි තත්වයක් මේ පාසලෙත් උද්ගතව ඇත්නම්, එවැනි සිසුන්ට පාසලේ වෙනම ස්ථානයක ඉගැන්වීමේ කටයුතු කිරීමේ වැරද්දක් නැහැ.
මම කැමති ස්මාර්ට් පන්තියට යන්න... මම විභාගෙ ෆේල් වුනාට අවුලක් නෑ
ඔක්කොටම පිස්සු ...........දෙමාපියොත් එකයි......නිලධාරීනුත් එකයි...........
අමතර පන්ති සහ ටියුෂන් දීම මුළුමනින්ම තහනම් කල යුතුයි. පන්ති විභාග වලින් අසමත් වන සිසුන් ට තවත් අවස්ථාවක් දී ඉන් පසු පාසලෙන් ඉවත් කල යුතුයි. පාසලෙන් බැහැර ඉගැවීමේ ක්‍රමය, සිසුන්ගේ විනය පිරිහීමට ප්‍රධාන හේතුවක් වී තිබෙනවා. ටියුෂන් දීම නීතියෙන් දඬුවම් ලැබිය යුතු අපරාධයක් බවට පත් කිරීම සුදුසුයයි.