IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා තානාපතිවරු ඉල්ලති

තිළිණි ද සිල්වා සහ බිඟුන් මේනක ගමගේ

ද්වේෂ සහගත සාපරාධී ක්‍රියාන්වන්හී යෙදෙන අපරාධකරුවන් කඩිනමින් නීතිය ඉදිරියට ගෙන ඒම අවශ්‍ය බවට යුරෝපා සංගමයට අයත් තානාපතිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

විවිධ ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෑතකදී හට ගත් පහර දීම් ඉතා කණගාටුදායක බවත් එම නිවේදනයේ දැක්වෙයි.ආගමික හා ජනවාර්ගික ප්‍රචණ්ඩත්වයේ ප්‍රතිවිපාක ශ්‍රී ලාංකීකයෝ වඩාත් හොඳින් දන්නා බව ද යුරෝපා සංගමය පවසයි.

ශ්‍රී ලංකා රජය හා ආරක්ෂක අංශ සාපරාධී අපරාධ ක්‍රියා සම්බන්ධව කටයුතු කිරීමත්, එවැනි ක්‍රියාවල නිරතවන අපරාධකරුවන් නීතිය හමුවට ගෙන ඒමත් වැදගත් වන බව ද ඔවුන් සඳහන් කරයි.

දේශපාලන නායකයන් ද, ආගමික සහ වෙනත් ප්‍රජා නායකයන් ද ප්‍රචණ්ඩත්වය හෙළා දැකීමත්, ප්‍රජාවන් අතර අවබෝධව සහ සහජීවනය වර්ධනය කිරීමට ගත හැකි සෑම පියවරක් ම ගැනීමත් අත්‍යාවශ්‍ය වන බව ද එම නිවේදනයේ සඳහන් වෙයි.

හදිසි තත්ත්වය යටතේ ගනු ලබන සෑම ක්‍රියාමාර්ගයක්ම සර්ව සාධාරණ සහ ව්‍යවස්ථාපිත හිමිකම් හා අයිතිවාසිකම්වලට ගරුත්වයක් සහිතව ගනු ඇති බවට තම සංගමය විශ්වාස කරන බව ද යුරෝපා සංගමය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.



අදහස් (2)

අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නැයි යුරෝපා තානාපතිවරු ඉල්ලති

Rifad Thursday, 08 March 2018 01:05 PM

අපේ රටේ ප්‍රශ්න ගැන පුදුම අමාරුවක්නෙ මෙයාලට තියෙන්නෙ.

:       0       11

ase Friday, 09 March 2018 08:46 AM

"විවිධ ප්‍රජාවන් ඉලක්ක කර ගනිමින් මෑතකදී හට ගත් පහර දීම් ඉතා කණගාටුදායක" මේ අය ඒ අයගේ නහය ඇල්ලුවොත් නරකද ??

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 118 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 198 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1062 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site