(නිමල කොඩිතුවක්කු)
මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරීම මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් වන නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා අද(14) කොළඹදී පැවසීය.
මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කළ පමණින් මැතිවරණ වල නිදහස් හා සාධාරණ භාවය රැකෙන්නේ නැති බවත් පැවසූ ඒ මහතා මෙම වියදම් සීමා කිරිම නීතියක් බවට පත් කල යුතු බවද සදහන් කළේය.
පසුගිය පළාත් පාළන මැතිවරණයේදි එක් අපේක්ෂකයෙකු සිය කොට්ඨාෂය ජයග‍්‍රහනය කිරිම වෙනුවෙන් රුපියල් ලක්ෂ 400 ක මුදලක් වැය කර ඇති බවත් මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා පැවසීය.
තොරතුරු දැන ගැනීමේ පනත මගින් ලබා ගත් තොරතුරු මත ඔහුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු සදහන් කළේය.
මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කල හැකි උපරීම මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් වන නීති රටේ සම්මත නොවුනොත් මැතිවරණවල සුජාත භාවය බරපතල ලෙස අභියෝගයට ලක්වනු ඇති බවත් රෝහණ හෙට්ටිආරච්චි මහතා වැඩිදුරටත් සදහන් කළේය.
COMMENTS
ඕවා ඔප්පු කරන්නේ කොහොමද? ලංකාවේ ඉන්න මන්ත්‍රීලගේ වත්කම්, බැරකම්වත් මැතිවරණ කොමිසම දන්නේ නැතිකොට..
වෙනවානම් හොඳයි. ඒත් මහබැංකු සල්ලි වියදම් කරන්නත් ඕනෑනේ.
ඉතා හොද කාලෝචිත අපේ රටට ඉතා හොදින් ගැලපෙන නීතියක්. මේ නීතිය මගින් පක්ෂ ,පාට ,පුද්ගලයන් , හිතවත්කම් ,නිලතල ,තාන්න මාන්න , නොතකා සැමටම එක සමානව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න පුළුවන් නිසා මුළු රටම මේ සඳහා ඒකමතිකව එකග වනු ඇත . ඒවගේම මේ නීතිය රටේ සෑම මැතිවරණයකටම ක්‍රියාත්මක කරන්න .