IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


අනවසරෙන් කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට


 
රොමේෂ් මධුෂංඛ        

                             
මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ නිසි අවසරයක් නොමැතිව පොළොව හාරමින් සිටි ගුවන් හමුදා සෙබළුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මුලතිව් පොලිසිය පවසයි.


මුල්ලි වයික්කාල් ප්‍රදේශයේ පිහිටි විශාල ගසක් මුල අදාළ ගුවන් හමුදා සෙබළුන් පිරිස විසින් පොළව හාරමින් සිට ඇති අතර ප්‍රදේශවාසීන් විසින් විමසීමේදී පවසා ඇත්තේ කොටි සංවිධානය විසින් වල දමන ලද යුද උපකරණ සොයා කැණීමක් සිදු කරන බවයි.


නමුත් එම ස්ථානයේ පොලිස් නිලධාරීන් නොමැති වීම හේතුවෙන් ඒ බව මුලතිව් පොලිසිය දැනුවත් කිරීමෙන් පසුව පැමිණි පොලිස් නිලධාරීන් අදාළ ගුවන් හමුදා සෙබළුන් තිදෙනා නිසි අවසරයකින් තොරව එහි කැණීම් සිදුකිරීම නිසා අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.


අත්අඩංගුවට ගත් සෙබළුන් පොලීසියට පවසා ඇත්තේ අදාළ ස්ථානයේ යුද උපකරණ තොගයක් ඇති බවට ලැබුණු තොරතුරකට අනුව එම ස්ථාන පරික්ෂා කළ බවයි.


නමුත් එසේ පරික්ෂා කිරීමට අධිකරණ නියෝගයක් අවශ්‍ය බැවින් ඒ බව දන්වා අදාළ සෙබළුන් තිදෙනා අත්අඩංගුවට ගෙන මුලතිව් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට පරික්ෂණ සිදු කරන මුලතිව් පොලීසිය පවසයි.



අදහස් (1)

අනවසරෙන් කැණීම් කළ තිදෙනෙක් අත්අඩංගුවට

රවින් Thursday, 21 June 2018 11:42 AM

ෂා ! නියම වැඩේ. ඔය විදියට කියලා කුඹුරු යායක් උනත් සීසා ගත හැකිනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 164 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 234 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1105 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site