(දයාරත්න ඇඹෝගම )
අනුරාධපුර දිස්ත‍්‍රික්කයෙන් මෙම වසරේ ජනවාරි මස සිට ජුලි මාසය වන විට නව ළාදුරු රෝගින් 59 නව දෙනෙකු හදුනා ගෙන ඇති බව අනුරාධපුර රෝහලේ බෝවන රෝග මර්දන එකකයේ වෛද්‍ය අශෝකා මුණසිංහ මහත්මිය කියයි.
පසුගිය වසර හා සසදා බලන විට ළාදුරු රෝගින් ගේ වැඩිවිමක් දක්නට ලැබෙන බවත් මුණසිංහ මහත්මිය පවසයි.පසුගිය වසරේ පැරණි සහ නව රෝගින් සංඛ්‍යාව 74 දෙනෙකි.මේ වසරේ සොයා ගෙන ඇති නව ළාදුරු රෝගින්ගේ සංඛ්‍යාව 59 දෙනෙකි.
මෙම වසරේ හමුවු ළාදුරු රෝගින් අතර ළමා රෝගින් සිවු දෙනකුද සිටින බව වෛද්‍යවරිය පවසයි.ළාදුරු රෝගය සම්පුර්ණයෙන්ම සුව කළ හැකි බැවින් වැළඳුන මුල් වතාවේම වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගත යුතු බව මුණසිංහ මහත්මිය කියයි.
ළාදුරු රෝගය වැළදුන රෝගින් සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලෙන් කඩිනම් ප‍්‍රතිකාර ලබාදිමට පියවර ගෙන ඇති බව ඇය වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝග ලක්ෂණත් ටිකක් සදහන් කරොත් හොදයි. එතකොට කියවන අයට දැනුවත් වෙලා අනිත් අයත් දැනුවත් කරන්න පුළුවන්.