(ඉන්දිකා රාමනායක)
අධිකරණ නියෝග කඩ කරමින් ඉකුත්දා කොල්ලුපිටියේ පැවැත්වූ විරෝධතාවය සම්බන්ධයෙන් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සහ අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ටැම්පිටියේ සුගතානන්ද හිමි යන දෙදෙනා මේ මස 26වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද(12) නියෝග කළාය.
පෙර නඩුවකට අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේ දී ඉකුත්දා සිදුකළ විරෝධතාවය සම්බන්ධයෙන් ද පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරිය මොවුන් රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සයිටම් ප්‍රශ්නය විසදුවනම් ළමයි පාරට එන්නේ නැහැනේ
නිතිය වැරදි විදියට ක්‍රියාත්මක කරන කවුරු වුනත් දඬුමවම් දිය යුතුයි .
ළමයි පාරට එන්නේ දේශපාලන අතකොලු වශයෙන්. මේ අයව හිරේ දමන එක සාධාරණයි.
රැවුල් වවාගෙන, රතු පාට පටි හිසේ බැඳගෙන පාරවල් දිගේ හඬක් නැගු පලියටම, ඉල්ලීම් සැමවිටම සාධාරණ වන්නේ නැහැ. සත්‍ය කරුණ නම්, අද පමණක් නොවේ, පසුගිය අවුරුදු 50 තුලම, 80% කට වැඩි බහුතරයක් වූ උසස් පෙළ සමත් සිසුන් ප්‍රමාණයට සරිලන විශ්ව විද්‍යාල පද්ධතියක් රටේ තිබුනේ නැහැ. රජයේ වගකීම සහ යුතුකම විය යුත්තේ, අර්ථයක් නැති උද්ගෝෂණ වලට හිස් නොනමා, බහුතරයක් වූ එවැනි සිසුන් හට, රාජ්‍ය හෝ පුද්ගලික අංශයෙන් තමන්ට අවශ්‍ය තෘතීය අධ්‍යාපනය ලබා ගැනීමට ඉඩ සලසා දීමයි.
කවුරු මොනා කිව්වත් ලහිරුලා කිව්වා සයිටම් එකෙන් සුදුසුකම් සහිත දොස්තරලා බිහිවෙන්නෑ. එක වංචනික අායතනයක් කියලා. රටේ දරුවන්ට අධ්‍යාපනය ලබා දිය යුතුයි. හැබැයි එ්ක ලාභ ලැබීමේ චේතනාවෙන් මුදලාලිලා අතින් නොවේ. රාජ්‍ය මැදිහත් වීමක් අැතුව. පුද්ගලික ව්‍යවසායකයගේ අරමුණ අඩුම කාලයකින් අඩුම පිරිවැයෙන් වැඩිම ලාභ ලැබීම. වෙෙද්‍ය අධ්‍යාපනය තුළ මේය ගුණාත්මක භාවයට තර්ජනයක් විශේෂයෙන් ලංකාව වගේ රටක. තර්කයක් අවොත් වෙළඳපල තරඟය තුළ ගුණාත්මකභාවය පවති කියලා. නැහැ මෙවැනි අවස්ථාවල දී. සිසුවාද බලන්නෙ අඩුම කාලයකින් අඩුම වියදමකින්. අඩු ශ්‍රමයකින් උපාධිය ලබා ගැනීම. එතන ප්‍රමිතියක් නෑ.
මේ ළමයි සයිටම් වෙනුවට නොව දේශපානය සදහා පෙනීසිටින අමුතුම කට්ටියක්... මේ ළමයි අනිත් දරුවන්ගේ අධ්‍යාපනය සමගද සෙල්ලම් කරන කට්ටියකි....