IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අන්තරේ පාගමනට කොටුව මහේස්ත්‍රාත්ගෙන් කොන්දේසි සහිත නියෝගයක්

 

 

 

ඉන්දිකා රාමනායක


අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින්  අද (21) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත උද්ඝෝෂණය සාමකාමීව හා නීත්‍යනුකූල අයුරින් පැවැත්විය යුතු බව කොටුව මහේස්ත‍්‍රාත්වරිය  නියෝගයක් කළ බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා  පැවසීය. 


තවද එම උද්ඝෝෂණය පවත්වාගෙන යාමේ දී  මහජනයාට  හා වාහනවලට,  බාධාවක් , අනතුරක්,  කරදරයක් සිදුවන ආකාරයට මහා මාර්ගයේ  ගමන් කිරීමෙන් වැළකී සිටිය යුතු බවත්,  නීත්‍යනුකූල  සේවයේ  නියුතු තැනැත්තන්ට  බාධා කරදර  ඇති වන අයුරින් රජයේ කාර්යාලවලට සාමය කඩවන අයුරින්  බලහත්කාරයෙන්  ඇතුළු වීමෙන් ද වැළකිය යුතු බවට ද මහේස්ත‍්‍රාත්වරිය නියෝග කර ඇත.


මේ සම්බන්ධයෙන් කොටුව පොලිසිය  අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැළකිල්ලට ගෙන මහේස්ත‍්‍රාත්වරයා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු චතුරංග වීරසේකරට මෙම නියෝග කළ බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. 

 



අදහස් (0)

අන්තරේ පාගමනට කොටුව මහේස්ත්‍රාත්ගෙන් කොන්දේසි සහිත නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 128 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 754 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 372 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site