(තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)
ගම්පහ ඉඹුල්ගොඩදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීන් දෙදෙනකු මිය යෑම සම්බන්ධයෙන් විමර්ශනයේ උදෘත නීතිපති උපදෙස් සඳහා යොමු කර ඇතැයි රහස් පොලිසිය අද ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් ලලිත් කන්නංගර මහතාට දැනුම් දුන්නේය.
මෙම මරණ සිදුවී වසර තුන හමාරකටත් අධික කාලයක් ගත වී ඇති නිසා පරීක්ෂණ කඩිනම් කරන ලෙස රහස් පොලිසියට නියෝග කරන්නැයි අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රාජිකා සිල්වා මහත්මිය අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.
ඒ අනුව ඊළඟ නඩු දිනයේ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල ජූනි මාසය තෙක් කල් තැබීය.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගෙන ගිය සියයට හයේ අරගලයට සහාය දීමක් ලෙස මහනුවර සිට කොළඹට අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය පාගමනක් සංවිධානය කර තිබිණි.එම පාගමන අතරතුර 2012 සැප්තැම්බර් 27 වැනි දා අත්පත්‍රිකා තොගයක් ගෙන ඒමට නුගේගොඩ දෙල්කඳට යද්දී මෙම සිදුවීම වී තිබිණි. සිද්ධියෙන් මිය ගියේ කැලණිය විශ්ව විද්‍යාලයයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ජනක බණ්ඩාර ඒකනායක සහ රුහුණ විශ්ව විද්‍යාලයයේ පළමු වසර ශිෂ්‍ය සිසිත ප්‍රියංකර සිල්වා යන දෙදෙනාය. ඔවුහු අනතරේ ක්‍රියාකාරී සාමාජිකයෝ වූහ.
2025 නොවැම්බර් මස 21
92
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
181
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1044
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අන්තරේ දෙදෙනාගේ නඩුවේ විමර්ශන උදෘත නීතිපතිට
saranapala Friday, 31 March 2017 12:26 PM
කරුණාකරලා අගතියට පත් අයට ඉක්මනට සහනයක් ලබාදෙන්න