IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක / ඡායාරූප - ඉෂාන් සංජීව)

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ලබන ජූලි 5 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් දුලානි එස්. වීරතුංග මහත්මිය අද(23) නියෝග කළාය.

ඔහු සහ තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩල සාමාජිකයකු අද පෙරවරුවේ කොළඹ සමාජ හා සාමයික කේන්ද්‍රයේ දී මාධ්‍ය හමුවක් පවත්වා එම ස්ථානයෙන් පිටවෙද්දී පොලිස් අත්අඩංගුවට පත්විය.

පසුගිය 21වැනිදා කොළඹ වෝඩ් පෙදෙස සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි. අත්අඩංගුවට පත් මොරටුව විශ්ව විද්‍යාලයේ ෆයිසාල් අහමඩ් සිසුවා ද ලබන ජූලි 5 තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.



අදහස් (12)

අන්තරේ කැඳවුම්කරු රිමාන්ඩ්

Mahasenavi Friday, 23 June 2017 09:31 AM

සදාකල් සිරගත කළයුතුය. ශිෂ්‍යභාවයද තහනම් කළ යුතුය.

:       119       719

KamjayFriday, 23 June 2017 10:07 AM

සහතික ඇත්ත. රටටම වැඩක් නැති මිනිස්සු....

:       14       71

roshan Friday, 23 June 2017 09:49 AM

රටම විනාශ වෙනවා මෙහෙම වැඩ කරන අය හිටියොත් නම්...

:       18       181

indika Friday, 23 June 2017 10:21 AM

දේසපාලකයන්ගේ කෙනෙක් තමා ඔය...දේසපාලකයන්ට ඕන විදියට නැටවෙන රූකඩ. මේ අය නිසා රට තවත් ප්‍රපාතයට වැටෙනවා.

:       48       47

lusena Friday, 23 June 2017 10:25 AM

උසස් අධ්‍යාපන ත්‍රස්තවාදියෝ කියන්නේ මෙයාල වගේ අයට තමයි. සරසවිවල ශිෂ්‍ය සංගම් තහනම් කල යුතුයි.

:       99       82

Wije Friday, 23 June 2017 10:34 AM

මෙයාගේ වයස දන්නවද? මෙච්චර වයස්ගත වෙලත් විශ්ව විද්‍යාලවල ඉන්නේ කොහොමද?

:       32       28

athula Friday, 23 June 2017 10:40 AM

අපේ රට දේශපාලන කුමන්ත්‍රණ වලින් බොහොම බැට කාපු රටක් 71,83, 89, සහ උතුරු යුද්ධය මේ සියලු කරුණුවල මුල්ම වග උත්තරකරුවන් හිටපු සහ සිටින බලලෝභී පාලකයන්... සමහරු හිතන් ඉන්නේ ශිෂ්‍යයෝ සටන් කරන්නේ ඔවුන්ගේ ඇගේ අමාරුවකට කියලා. මෙහෙම මතයක් රටේ පාලකයෝ මාධ්‍යය හරහා මවන්න උත්සාහ කරනවා. ඔය ශිෂ්‍යයෝ ඔතනට එන්න පෙර ඔය ප්‍රශ්නයට දැන් කොපමණ කලක් ඉඳල මොන සටනක් කරනවද? සමහරු මෙලෝ දෙයක් නොදැන දුප්පත් ශිෂ්‍යයන්ට දොස් කියනවා.

:       103       142

athula Friday, 23 June 2017 10:51 AM

ඕකට සම්පුර්ණයෙන්ම වග කියන්න ඕන ඕක එදා නිර්මාණය කරපු අයට... අද ඒ අය සයිටම්වලට විරුද්ධයි බල ලෝභය හින්දා...මෙතරම් අරගල කරලත් නුසුදුසු පාලකයින් දොස් කියමින් රටේ ජනතාව අතර වෛරයට ඔවුන්ව පත්‍ කරන්න හදන උත්සාහයක් මේක... අහිංසක දුප්පත් ශිෂ්‍යයින් වෙනුවෙනුයි, රටේ අනාගත නිදහස් අධ්‍යාපනය රැක ගන්නයි අපි සටන් කරන්නේ. ඒ බව අපි දන්නා නිසා ඔබලාට අපගේ ආශීර්වාදය ලැබෙනවා...!!!

:       50       65

bulner Friday, 23 June 2017 11:36 AM

සිරගත කළා නම් හරි ආයෙමත් මෙහෙම වැරදි නොකරන්නම...

:       20       10

aravinda Friday, 23 June 2017 11:55 AM

රතු පාට කමිසයක් ඇඳගෙන, දෙකේ පන්තියේ සටන් පාටයක් උස්සගෙන, බෙරිහන් දෙන එක තමයි අද ලංකාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාරය කියලා කියන්නේ....

:       6       2

දිනේෂ් Friday, 23 June 2017 12:47 PM

වුවමනා වෙලා තියෙන්නේ උද්ඝෝෂණයක් කරන්න නෙවෙයි. මොකටද එහෙනම් රජයට ලක්‍ෂ 09 ක දේපළ හානි කළේ.....

:       19       0

channa Friday, 23 June 2017 02:11 PM

මේ වගේ අයව ඇප දීලා එළියට දාන්න නම් එපා...

:       21       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1555 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1361 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 489 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site