(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් රාජගිරිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා මධ්‍යස්ථානයක් වටලා එහි රැඳී සිටි  කාන්තාවන් හතර දෙනෙක්  අද (04) අත්අඩංගුවට ගත්බව  නුගේගොඩ විශේෂ අපරාධ විමර්ශන අංශය කියයි.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස අන්තර්ජාලය සහ සති අග පුවත්පත්වල දැන්වීම් පළ කර ප්‍රසිද්ධ කර ඒ කරා පැමිණෙන පුද්ගලයන් ඉතා සූක්ෂම ලෙස කාන්තා ඇසුර  සඳහා යොදා ගන්නා  මෙම ස්ථානය පිළිබඳව බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරියෙකුට ලද රහසිගත තොරතුරක් අනුව  මෙම වැටලීම සිදුකළ බව පොලිසිය පැවසීය.

දැන්වීමේ සඳහන් දුරකථන අංකයට කිසියම් පුද්ගලයකු ඇමතුමක් ලබා ගැනීමෙන් අනතුරුව ඔවුන්ව එම ආයතනය ආසන්නයටම ගෙන් වා ආරක්ෂිත කැමරා උපයෝගී කරගෙන එම පුද්ගලයා සම්බන්ධයෙන්  විමර්ශනයක් සිදුකර ආයතනය තුළට ගෙන්වාගැනීම මෙම ස්ථානයේ ඇති විශේෂත්වය බව පොලිසිය කියයි.