( තිළිණි ද සිල්වා )
පවතින අයහපත් කාලගුණයත් සමඟ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහන පැයට කිලෝමීටර් 60 වේගයෙන් පවත්වා ගන්නා ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටියි.
එසේම ධාවනය කර රථ වල ප්‍රධාන ආලෝක පහන් දල්වා වාහන ධාවනය කරන ලෙස ඒම අධිකාරිය ජනතාවෙගන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ අනිත් රටවල තිබෙන අධිවේගී මාර්ග වගේ නොවේ.. අපේ අධිවේගී මාර්ගයේ වහින වතුර එකවර ගලායන්නේ නැහැ. ධාවන පථයේ රැඳී පවතිනවා. ධාවන පථය පළලින් අඩුකමත් යන දෙක නිසා, වහින වෙලාවට කිලෝමීටර් 60ට යන්න නිර්දේශ කරන එක සුදුසුයි. මෙය ඉදිකිරීමේදී සහ සැලසුම් කිරීමේදී සිදුවූ වැරදි නිසා මෙහෙම වෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය පිළිගන්න ඕනේ... එමනිසා මම යෝජනා කරනවා පාරිභෝගිකයාට (මුදල් ගෙවා වාහන ධාවනය කරන රියදුරාට) යම්කිසි සහනයක් දෙන්න ඕනේ... මෙවැනි අවස්ථාවල රියදුරාට ගෙවන මුදලින් 30%-50%ත් අතර වට්ටමක් දීම සාධාරණයි.