(අජන්ත කුමාර අගලකඩ)
ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන පිළිබඳව සොය බැලීම සඳහා අමාත්‍යාංශවලට පත්කර ඇති අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට හත් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් , නිල වාහනයක් ඇතැළු පහසුකම් ලබා දිය යුතු බවට ඉදිරිපත් වූ කැබිනට් යෝජනාවක් අද (7) පැවැති කැබිනට් රැස්වීමේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට කාර්යාලයක්, 7 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් නිල වාහනයක්, ඉන්ධන දීමනා,දුරකතන දීමනා, ඇතුළු පහසුකම් ලැබාදීම සඳහා නිලධාරීන් කමිටුවකින් කරන ලද යෝජනාවක් මත මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තීබූ බවද එම ආරංචි මාර්ග වලින් පැවැසේ.
මෙම යෝජනාවට දැඩි විරෝධය පළකර ඇති ජනාධිපතිවරයා ඊට ඉඩ දිය නොහැකි බව පවසා ඇතැයි වාර්තා වේ .
සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉකුත් දා ආරම්භ කළ ‘‘ගම්පෙරළිය‘‘ සංවර්ධන වැඩසටහන අධීක්ෂණය කිරීම සඳහා එක් එක් අමාත්‍යාංශවලට පසුපෙළ මන්ත්‍රීවරු පත් කිරීමට ඉකුත් දා තීරණය කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලියුගයේ කරන මේ ඉල්යලීම් යුගාන්තයට පාර කපනවා.
එඩිතරව අවංකව මේ වගේ තීරණ ගන්නවානම් ජනාධිපතිතුමා කොයිතරම් අගනේද? එතුමාට අපගේ ප්‍රණාමය.
අනිවාර්යෙන්ම මෙවැනි යෝජනා ප්‍රතික්ෂේප කළ යුතුය.
අතීතයේ උසස් රාජ්‍යය පරිපාලන සේවයක් ශ්‍රී ලංකාවේ තිබුනා. දිසාපති, උප දිසාපති වශයෙන්. විශිෂ්ට සේවයක් කළා. රජයේ සංවර්ධන වැඩ පිළිවෙල එම නිලධාරීන්ට නිදහසේ කරගෙන යාමට ඉඩ දෙන්න. දේශපාලනය මැදිහත්වීම අවශ්‍ය නැහැ. පාර්ලිමේන්තු නියෝජිතයින් ඔවුන්ගේ නීති පැනවීමේ සිමාවේ රැඳී සිටින්න. ඉංජිනේරුවාට ඉංජිනේරු ශිල්පය උගන්වන, වෛද්‍යවරයාට වෙදකම උගන්වන මන්ත්‍රිලාගෙන් වැඩක් නැත.
මේවා එදාම ගන්න තිබුණා. දැනටමත් පරක්කු වැඩි. ජනාධිපතිතුමා මෙහම දැධි තීන්දුවෙන් දිගටම හිටියොත්, යම් තරමට දුෂණ, නාස්තිය පාලනය කල හැකි.
මේක දුෂණය නාස්තියට විරුද්ධව කරන සටනක් හෝ අරගලක් නොවේ එහෙම හිතන අය විශාල රැවටිමකට ලක්වෙලා. මේ අද ආණ්ඩුව ඇතුලේ තියන බල අරගලයේ ප්‍රතිඵලක් පමණයී.