( තිළිණි  ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

 
 
අධිකරණ සංවිධානය පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් , එබැවින් පනත් කෙටුම්පත් විශේෂ බහුතර සංඛ්‍යාවකින් හා ජනමත විචාරණයකින් සම්මත කරන්නැයි ඉල්ලා ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා අද (11) ශේෂ්ඨාධිකරණය හමුවේ විශේෂ පෙත්සමක් ගොනු කළේය.
 
නීතිපතිවරයා මෙහි වගඋත්තරකරු වශයෙන් නම් කරනු ලැබ තිබේ.
 
මෙමගින් අත්නෝමතික බලතල විධායකට ලැබෙන බවත් කියා සිටින පෙත්සම්කරුවන් මහාධිකරණය වල නඩු පැවරීමට අභිමතානුසාරී බලයක් විධායකයට ලැබෙන බවද පෙන්වා දේ .
 
තවද අල්ලස් කොමිසමට හා නීතිපතිවරයාට නඩු පැවරීමේ බලතල හිමිවන බවත් එසේම නීතීඥවරුන් නියෝජනයද කප්පාදු කිරීමකට ලක් වන බවද පෙත්සමේ සදහන් වේ.