IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


අධිකරණය ගැන රන්ජන්ගේ කතාවට මහින්දගේ විරෝධය

ආරියරත්න රණබාහු සහ ඩයනා උදයංගනී

පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරමින් යම් අයෙක් ස්වාධීන අධිකරණයට පහර දෙන්නේ නම්  ඒ පිළිබඳව දැඩි අවධානය යොමු කරන ලෙස හිටපු ජනාධිපති කුරුණැගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා කතානායක කරු ජයසූරිය මහතා ගෙන් පාර්ලිමේන්තුවේදී අද (21) ඉල්ලා සිටියේය.

පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවති අධිකරණය පිළිබඳ  පනතක් සම්බන්ධ විවාදයේදී සමාජ සවිබල ගැන්වීම් සහ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  කළ කතාව ගැන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා මතු කළ කරුණු කතා කරමින්  හිටපු ජනාධිපතිවරයා එම ප්‍රකාශය කළේය.

දිනේෂ් ගුණවර්ධන -

මගේ මිත්‍ර සහෝදර මන්ත්‍රී නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මැතිතුමා පාර්ලිමේන්තුවේදී ඊයේ දිනයේ ශේෂ්ඨාධිකරණයට , නඩුකාරවරයෙකුට අපහාස කළා. ආණ්ඩුවේ ප්‍රතිපත්තියද රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ ? 

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - 

මේක පාර්ලිමේන්තුව. පාර්ලිමේන්තුව තුළ අදහස් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක තාම දන්නේ නැහැ
.
මහින්ද රාජපක්ෂ මහතා -

පාර්ලිමේන්තුවේ අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. මම මතක් කරනවා , ජයරාජ් ප්‍රනාන්දු පුල්ලේ ඇමතිතුමා කළ ප්‍රකාශයක්  නිසා එතුමාට රුපියල් 50,000ක් දඩ ගැහුවා . නිවැරදි කිරීමට යටත්ව පාර්ලිමේන්තුව පාවිච්චි කරලා යම් කෙනෙක්  ස්වාධීන වූ අධිකරණයට මෙහෙම පහරදීම ගැන අපේ අවධානය යොමු කළ යුතුයි.

එදා මුලාසනයට ඒක නතර කරන්න තිබුණා. අධිකරණයට චෝදනාවක් තියෙනවා නම් විශේෂ යෝජනාවක් ගෙනත් ඒ ගැන විවාද කරමු. පාර්ලිමේන්තුව මීට වඩා උසස් විදියට වැඩ කළානම් හොදයි කියලා මම හිතනවා.

සභානායක -

ජෙයරාජ් ප්‍රනාන්දු පුල්ලේ මැතිතුමාට දඬ ගැහුවේ නැහැ . එතුමාට කිව්වේ පිනට ගෙවන්න කියලා . මම පාර්ලිමේන්තුවේ  හිටියානේ , මේ අය තමයි අග්‍රවිනිශ්චකාරතුමිය එළෙව්වේ (මහින්ද රාජපක්ෂ මහතා දෙසට අත දික් කරමින්) ඔබතුමා එළෙව්වේ . අපි එදා ඒකට විරුද්ධව කතා කෙරුවා . මේ අය එළෙව්වේ.

පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය කිසිවිටෙකත් ඉල්ලා අස් කරගන්නේ නැතැයි සමාජ සවිබල ගැන්වීම් සහ සුබ සාධන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේයෙ.

“ මා සභාවේ නැති අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා ඊයේ (20) මා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට වැරදී අර්ථකථනයක් දී තිබුණා. මම කිසිම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ නම ප්‍රකාශ කළේ නැහැ . අධිකරණයට, නීතියට,අපහාස කළේවත් , අභියෝග කළේවත් නැහැ.

මා ඊයේ කී සෑම වචනයකම වගකීම මා භාරගන්නවා . කිසි විටෙකත් එය ඉල්ලා අස්කරගන්නේ නැහැ .මිනිමරුවන් , කුඩුකාරයින් , හොරුන් , එළියේ ඉන්නා බවත් , දේශපාලකයින්ගේ , පුජ්‍ය පක්ෂයේ හා ජනතාවගේ වරදින් එය වී ඇති බවත් මාගේ කතාවේ මුඛ්‍ය අර්ථය වුණා. නීතිඥයින් හොරුන් බේරන නිසා තමයි හොරු එළියේ ඉන්නේ.  ඒ බව මම නැවත නැවතත් ප්‍රකාශ කරනවා “ යැයි රාමනායක මහතා පැවසීය.



අදහස් (17)

අධිකරණය ගැන රන්ජන්ගේ කතාවට මහින්දගේ විරෝධය

Buddika Wednesday, 21 March 2018 03:52 PM

එතකොට අගවිනිසුරුවරියක් සදාචාර විරෝධීව, නීතිවිරෝධීව අස්කළේ කව්ද? කමන්ගේම කෙනෙක් අගවිනිසුරු කරලා නීතිය විනාශ වුණා මදිවට දැන් සුද්දවන්තයින් වෙන්න හදන්නේ. රෙදි ඇඳගෙනද මේ කතා කරන්නේ...?

:       1628       4114

V.warnakulasuriya Wednesday, 21 March 2018 10:50 PM

ජනතාවත් මේ අයව නැවත නැවතත් බබළවන්නේ රෙදි ඇඳගෙනද කියාත් අසන්නට සිදුවේ. දේශපාලකයන් ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙනි. කාටද ලැජ්ජාවක් නැත්තේ බුද්ධික මහත්තයෝ.

:       113       222

Chanak Los AngelesWednesday, 21 March 2018 11:26 PM

අදිකරණය ගැන කිඹුල් කඳුළු හෙලල තිබෙන්නේ අධිකරණය උඩුයටිකුරු කල නායකයෝ නේද ?

:       132       244

gunarathnaThursday, 22 March 2018 12:35 AM

හිටපු අගමැතිටවත් නොකියා කිසිම බහුතරයක් නැති පුද්ගලයෙකුට අගමැතිකම දුන්නේ කවුද?

:       360       256

samanThursday, 22 March 2018 04:55 AM

අගවිනිසුරු අස්කරන නීත්‍යනුකුල ක්‍රමය තමා පාර්ලිමේන්තුවේ චෝදනා විවාදයක් කරලා තුනෙන් දෙකේ ජන්දෙන් යෝජනාව සම්මත කරන එක. කැබිනෙට් පත්‍රිකා දාල අස්කරපු එක තමා නීතිවිරෝදී. පාර්ලිමේන්තු බහුතරයෙන් අගමැති පත්කරන එක තමා නීත්‍යනුකුල. තමන්ට කැමති කෙනා බලෙන් පත් කරපු තමා නීතිවිරෝධී. මට මතක විදියටනම් මේ ජනාදිපති තුමත් අත්දෙකම උස්සල ඡන්දේ දුන්නේ එදා.

:       133       24

සතයපාල Wednesday, 21 March 2018 04:53 PM

දැන් ස්වාධීන අධිකරණයක් තියනවා කියලා කුරුණෑගල දිස්ත්රික් පාර්ලීමේන්තු මන්තිරී මහින්ද රාජපක්ෂ මහාතා පිලිගෙන ඇති අතර එදා මේ රටේ අධිකරන තින්දු ගත්තේ අරලිය ගහ මැදුරේ සිට බව එතුමාට අමතක වීම කණගාටුවට කරුණක්වේ

:       115       205

athula Wednesday, 21 March 2018 05:51 PM

මහින්ද කොහොමත් මේවට බයයි , ඒ දවස්වල FCID ට බැන බැන හිටියා ඒක නීති විරෝධි කියල දැන් ඉක්මනටම හොරකම් කරපු නඩු කඩිනම් කරන එකට එය ඔය තරම් බය ? අඳුරේ පව් කරන එක දහවලට සාප කරනවා !

:       124       198

SANATH Wednesday, 21 March 2018 07:25 PM

පාර්ලිමේන්තුවේ 225 ම රන්ජන් රාමනායකලා වුනානම් තව අවුරුදු 10 කින් ලංකාවේ ඒකපුද්ගල අදායම ඇමරිකන් ඩොලර් 20000ක් වෙනවා වෙනවමයි. රටට සහ ජනතාවට ආදරය කරන මිනිස්සු විතරක් අනාගතයේ උපදීවා කියලයි මං හැමදා ප්‍රර්ථනා කරන්නේ.

:       356       464

ජගත් ලියනගේ Wednesday, 21 March 2018 11:09 PM

මහින්ද මහත්තයා ඒ.පාර නං හත් පොළේ ගාව ගත්තා .

:       208       317

jayanaath Thursday, 22 March 2018 12:17 AM

අබ කෑ මිනිහගේ මොලේ දනවලු නේ.

:       0       104

නීතිඥයින් Thursday, 22 March 2018 03:37 AM

නීතිඥයින් පිට කණපිට කරනහැටි ඉතිහාසයේ ඕනෑතරම් තියනවා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පීටර් කෙනමන් නීති වුර්තියේ කරපු ඇත්ත නැත්ත ගැන සමාජයේ බොහෝ කථා පවතිනවා. උදා, ගොයම් කොලේ කතාව? තව සමහරු අධික මුදල් ප්‍රමාණයක් සේවාදයකයගෙන් ලබාගෙන විවිද පුද්ගලයන්හට ලබාදෙන බවද, අප්‍රකට රහසකි. ඒ ගැන කොයි කොයි දෙනාත් නොදන්නවා නොමෙයි නේද ?

:       11       114

ChamThursday, 22 March 2018 06:45 AM

අනේ ඔබ තුමා වාගේ අය රන්ජන් ඇමතිතුමාට ශක්තියක්. හැබැයි තව ටිකක් ඉගෙන ගත්තනම් හොද යි.

:       22       3

මල්ලි Thursday, 22 March 2018 03:46 AM

රජ්ජුරුවෝ පැලැන්තිය නීතියට යටත් වෙන්ඩ කැමති නෑ..... මහා රජා කියලා මොකෝ.

:       101       217

padmini Thursday, 22 March 2018 05:28 AM

පොහොට්ටුවන්ට අනුව අධිකරණය බොහොම සාධාරණ,යුක්තිය කාටත් සමව ක්‍රියාත්මක වෙනවා නම් ඇයි මේ ගොටභය රාජපක්ෂ අත් අඩංගුවට ගැනීම වලක්වන තහනම් නියෝග අරන් කුස්සිය මුල්ලේ හැඟෙන්නේ? ෆොන්සේකා වගේ උසාවිය ඉදිරියට ඇවිත් තම නිර්දෝෂී බව ඔප්පු කරන්නේ නැත්තේ?

:       146       298

gunarathnaThursday, 22 March 2018 06:49 AM

පද්මිණි, අත්අඩංගුවට පත්වීම වැළක්වීම සඳහා නියෝග ලබාදෙන්ට කියල ගෝට ඉල්ලුවේ පවතින නීතිය අනුව. කවුද මෙහෙම නීති හැදුවේ? රටේ සාමාන්‍ය මිනිස්සුද? නැහැ නේද?

:       50       99

Sunil; Thursday, 22 March 2018 09:52 AM

නීතිය, සාධාරණත්වය, සත්‍ය යුක්තිය හමුවේ සැම එක සමානය. එයට ඉහලින් යන්නට මොන තනතුරක හෝ සිටින කෙනෙකුට නොහැකිය. ඉහල තනතුරක වැජබෙන අයෙකුට මේවාට ඉහලින් යා නොහැක. රන්ජන් රාමනායක ගරු මන්ත්‍රී තුමාගේ කතාව අපි අගය කරමු.

:       0       0

rocky Friday, 23 March 2018 02:21 PM

අසව්! අසව් !! අධිකරණයේ අසහාය අයිතිකාරයා කතා කරයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දේශබන්දු මැතිසබා කමිටුවට 19 කැදවයි
2025 මැයි මස 09 9 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1


කොටහේන දැරියගේ මරණයෙන් මැතිසබේ රත්වෙයි
2025 මැයි මස 09 607 0

අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට


ජනාධිපති කාර්යාලයේ සැප වාහන වෙන්දේසියේ දෙවන අදියර ඇරැඹේ
2025 මැයි මස 09 290 0

ජනාධිපති කාර්යාලයේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 27ක් විකිණීම සඳහා දෙවැනි අදියර යටතේ මිල ගණන් කැඳවා ඇත.


වෙසක් පෝයට දවස් තුනක් මස්-සුරා-රේස් බුකි-කැසිනෝ නෑ
2025 මැයි මස 09 499 3

මැයි මස 12,13 සහ 14 යන දිනයන්හි දිවයින පුරා ඇති මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවි සැල් වසා තැබීමටත්, සුපිරි වෙළදසැල් වල මස් මාංශ අලෙවි කිරීම න


‘විපක්ෂට අපේ දේවල් කර තියාගෙන යන්න වෙලා‘
2025 මැයි මස 09 922 6

විපක්ෂයට ජාතික ජන බලවේගයේ සටන් පාඨ අරගෙන ඉදිරියට යාමට සිදුවීම රටේ ජයග්‍රහණයක් බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී සුසන්ත දොඩාවත්ත මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තු


දේශපාලක වරප්‍රසාද කපන යෝජනාව පාර්ලිමේන්තුවට
2025 මැයි මස 09 1119 1

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයින් සහ හිටපු රාජ්‍ය නායකයින් සහ ඔවුන්ගේ වැන්දඹුවන් භුක්ති විඳින වරප්‍රසාද සුදුසු ලෙස කප්පාදු කිර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1274 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 328 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1346 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site