(සෙනරත් බණ්ඩාර)

මිනීමැරුම් නඩුවක සාක්ෂි දුන් පොලිස් පරීක්ෂකවරයකුට අධිකරණය තුළදී තර්ජනය කළැයි එම නඩුවේ ප්‍රධාන විත්තිකරු නඩු විභාගය  අවසන්වන තුරු  බන්ධනාගාර ගත කිරීමට මහනුවර මහාධිකරණ විනිසුරු රෝහණ අනුරකුමාර සේනාරත්න මහතා නියෝග කළේය.

2007 වසරේ දී  පල්ලෙකැලේ  දුම්බර තැන්නේදී සිදු වූ  ද්විත්ව ඝාතනයක් සහ පුද්ගලයින් සිව් දෙනෙකුට කපා කොටා  බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් නීතිපති වරයා විසින් මහනුවර අධිකරණයේ මෙම නඩුව පවරා තිබේ.