(මහින්ද නිශ්ශංක)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය රියදුරන් සහ නියාමකවරුන් අද(20) මධ්‍යම රාත්‍රියේ සිට වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම වර්ජනයට දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් සහාය නොදක්වන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් කේ.පී.අයි. රුවන්පතිරණගේ මහතා පැවසීය.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරු හා නියාමක වර්ජනය ක්‍රියාත්මක වුවහොත් දුම්රිය මගීන්ගේ ගමන් පහසුව සඳහා සෑම මාර්ගයක්ම ආවරණය වන පරිදි කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනය කරවීමට සැලසුම් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධරයකු ලංකාදීපයට පැවසීය.
දුම්රිය සේවා පවත්වාගෙන යෑමට වර්ජනයට එක් නොවන දුම්රිය රියදුරු සංගම් දෙකක සාමාජිකයන් ද, කොන්ත්‍රාත් පදනමේ සිටින රියදුරන් ද නියාමකවරුන් ද යොදවා ගන්නා බව ඔහු සඳහන් කළේය.
මේ අතර වර්ජනය සමථයකට පත් කරගැනීම සඳහා ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යංශයේ දී අද(20) පැවැත්වේ. මේ අතර වර්ජනය සම්බන්ධ තවත් සාකච්ඡාවක් රාජ්‍ය හා දුම්රිය රියදුරු නියාමක සංගම් නියෝජිතයන් අත අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයේ දී අද පස්වරුවේ පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාව දියුණු කිරීමට නම් වැඩ වර්ජනය කිරීම නීති විරෝධී කටයුත්තක් ලෙස නීති ගත කල යුතුයි . මුන් හැමදෙනාම ඉතා ඉහල වැටුප් ලබන හරියාකාරව සේවයක් නොකරන කොට්ටාශයක්. අනික එක එකට කඩේ යනවා මිසක් රටක් හෝ ආයතනයක් දියුණු කිරීමක් ගැන හිතන අය නොවේ. මෙය මහජන පීඩාවක්