IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අතුරුදන් වු දරුවා පැහැරගත්තේ ඔහුගේ මාමා දැයි සැකයක්

(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.එස්. වීරවංශ)

මීට සති තුනකට පෙර බළන්ගොඩ සමනලවත්තේ  කැලෑවේදී අතුරුදන්වූ බවට සැකසිතූ සහන් කුමාර ධර්මසිරි නැමැති දස හැවිරිදි දරුවාගේ අතුරුදන්වීම සම්බන්‍ධයෙන් කුරුණැගල ප‍්‍රදේශයේ පදිංචි දරුවාගේ මාමා කෙනෙකු ඇතුලූ පසමීප ඥාතීන් කිහිප දෙනෙකුගෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වෙතයි පොලිස් විමර්ශකයෝ කියති.

පසුගිය ජූලි මස 20 දින පාසල් අවසන්වී නිවසට පැමිණි මෙම දරුවා සිය පියා දර කැඞීමට ගිය නිවස පිටුපස පිහිටි ශ‍්‍රීපාද රක්‍ෂිතයට ගිය බවත් ඔහු එතැන් සිට අතුරුදන්ව සිටී.

යුද හමුදාව, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව දින කිහිපයක් තිස්සේ කැලෑව පීරා සෙව්ව නමුත් කිසිදු හෝඩුවාවක් නොලැබිණි. ඉන්පසු සෙවීමේ මෙහෙයුම් නවතා  විද්‍යාත්මක පරීක්‍ෂණ අරඹනු ලැබීය.

බළන්ගොඩ පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වි,ත්මක පරීක්‍ෂණ පවත්වන  අපරාධ අංශයේ ස්ථානාධිපති උප පෙලිස් පරීක්‍ෂක ජේ.ඞී.ඞී.පී.ජයකොඩි මහතා ඇතුලූ නිලධාරීහූ විවිධ පුද්ගලයන්ගේ ප‍්‍රකාශ සටහන් කරනු ලැබිණි. 

මෙම දරුවාගේ අතුරුදන්වීමට දින පහකට පෙරදී අතුරුදන් දරුවාගේ මවගේ සහෝදරයෙකු තවත් සමීප ඥාතීන් කිහිප දෙනෙක් සමග එම නිවසට පැමිණ ඇතිබවට තොරතුරු සොයා ගනු ලැබිණි. කුරුණෑගල සිට එසේ පැමිණි පිරිස මෙම දරුවා ඇතුලූ පිරිසට ආහාරපාන, පළතුරු, කේක් ආදිය ද ගෙනවිත් දී ඇති අතර මුදල් රුපියල් 1500ක් ද දී ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ. 

දරුවා අතුරුදන්ව ඇත්තේ ඔවුන් පැමිණ දින පහකට පමණ පසුවය. දරුවාගේ අතරුදන්වීම සහ එම ඥාතීන්ගේ පැමිණීම අතර යම් සම්බන්‍ධයක් තිබිය හැකි බවට පොලීසිය සැකකරයි



අදහස් (1)

අතුරුදන් වු දරුවා පැහැරගත්තේ ඔහුගේ මාමා දැයි සැකයක්

Nihal Sunday, 12 August 2018 05:48 PM

මේ දරුවා නිධානයක් ගන්න බිල්ලකටවත් දුන්නද ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 150 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 766 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 374 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site